Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 20 ක් තෝරා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව එහිදී කණ්ඩායම් 12 ක් කෙළින්ම සුදුසුකම් ලබාගන්නා අතර තවත් කණ්ඩායම් 8 ක් සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියකින් පසුව තෝරා ගනු ලැබේ.
මේ වසරේ ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ හොඳම කණ්ඩායම් 8 ද, සත්කාරක රටවල් වන බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම් ද අයත්වේ. ඊට අමතරව ඉතිරි කණ්ඩායම් දෙක සඳහා මේ වසරේ නොවැම්බර් 14 වැනිදා වනවිට අයි.සී.සී. විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හී ඉදිරියෙන් සිටින තවත් කණ්ඩායම් 2 කට ලෝක කුසලාන තරගාවලියට කෙළින්ම එක්වීමට අවස්ථාව හිමිවේ.
නමුත් බටහිර ඉන්දීය කොදෙව්වන් මේ වසර අගදී ඔස්ටේ්‍රලියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී පළමු අට දෙනා අතරට පැමිණියහොත් අයි.සී.සී. විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව කණ්ඩායම් තුනක් ඉදිරියට යනු ලැබේ. පළමු කණ්ඩායම් 8 ට පැමිණීමට කොදෙව්වන්ට අවස්ථාවක් හිමිනොවුන හොත් අයි.සී.සී. විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවෙන් කණ්ඩායම් 2 ක් පමණක් සුදුසුකම් ලබනු ඇත.
තරගාවලියට කණ්ඩායම් 20ක් සහභාගි වන බැවින් ඉතිරි ස්ථාන අට කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් තීරණය කෙරේ. අප්‍රිකාව, ආසියාව සහ යුරෝපය නියෝජනය කරමින් කණ්ඩායම් 2 ක් බැගින් ද සුදුසුකම් ලබන අතර ඇමරිකාවට සහ නැගෙනහිර ආසියා පැසිෆික් කළාපය නියෝජනය කරමින් කණ්ඩායමක් බැගින් ද සුදුකම් ලබාගනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.