Last Update  :  2025-03-28 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹෙයි

අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹෙයි

editorial - 2025 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 18 වැනි අදියර හෙට (22 වැනිදා) ආරම්භ වන අතර එහි සමාරම්භක තරගයේදී ඉකුත් වසරේ (2024) ශූරයන් වූ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හෙට රාත්‍රී 7.30 ට කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණය්දී තරග බිමට පිවිසීමට නියමිතය. 

කණ්ඩායම් 10 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර මෙවර අයි.පී.එල්. තරගාවලිය තරග 74 කින් සමන්විත වන අතර මූලික වටයේ තරග 70 ක් සහ අවසන් වටයේ තරග 4 ක් ඊට ඇතුළත් වේ. අහමදාබාද්, බෙංගලූරු, චෙන්නයි, ගුවහටි, දිල්ලි, ධරම්ශාලා, හයිද්‍රාබාද්, ජායිපූර්, කොල්කටා, ලක්නව්, මුලන්පූර්, මුම්බායි, විශාකාපට්නම් යන නගරවල පිහිටි ක්‍රීඩාංගණවලදී තරගාවලිය පැවැත්වේ.  

කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන මෙවර තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස්, කොල්කටා නයිට් රයිඩර්ස්, රාජස්ථාන් රෝයල්ස්, රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු සහ පන්ජාබ් කිංග්ස් ‘ඒ’ කණ්ඩායට යටතේද, මුම්බායි ඉන්දියන්ස්, සන්රයිසස් හයිද්‍රාබාද්, ගුජරාට් ටයිටන්ස්, දිල්ලි කැපිටල්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් ‘බී’ කාණ්ඩය යටතේද තරග වදිනු ඇත. 

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ රාජස්ථාන් කණ්ඩායමට ක්‍රීඩා කරන අතර ඒෂාන් මාලිංග සහ කමිඳු මෙන්ඩිස් හයිද්‍රාබාද් කණ්ඩායමටත්, දුෂ්මන්ත චමීර සහ දසුන් ශානක දිල්ලි කැපිට්ල්ස් කණ්ඩායමටත් ක්‍රීඩා කරති. ඔවුන්ට අමතරව නුවන් තුෂාර බෙංගලූරු කණ්ඩායමත්, මතීෂ පතිරණ චෙන්නායි කණ්ඩායම නියොජනය කරති. 

තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අතර චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් ඉදිරියෙන්ම සිටින අතර මේ දක්වා ඔවුන් ශූරතා 5 බැගින් දිනාගෙන සිටියි. චෙන්නායි කණ්ඩායම 2010, 2011, 2018, 2021 සහ 2023 වසරවලදීද, මුම්බායි කණ්ඩායම 2013, 2015, 2017, 2019 සහ 2020 වසරවලදීද අයි.පී.එල්. ශූරයන් බවට පත්ව ඇත. 

තරගාවලියට සහභාගි වන සෙසු කණ්ඩායම් අතරින් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අවස්ථා 3 කදීද (2012, 2014 සහ 2024) සන්රයිසස් හයිද්‍රාබාද් (2016), රාජස්ථාන් රෝයල්ස් (2008) සහ ගුජරායට් ටයිටන්ස් (2022) එක් අවස්ථාවකදී බැගින්ද අයි.පී.එල්. ශූරතාවට හිමිකම් කියා තිබේ. 

මෙවර තරගාවලියේදී චෙන්නායි කණ්ඩායම රුතුරාජ් ගයික්වාඩ් විසින්ද, කොල්කටා කණ්ඩායම අජින්ක්‍යා රහනේ විසින්ද, පන්ජාබ් කණ්ඩායම ශ්‍රෙයාස් අයියර් විසින්ද, රාජස්ථාන් කණ්ඩායම සංජු සැම්සන් විසින්ද, බෙංගලූරු කණ්ඩායම රජත් පටීදාර් විසින්ද මෙහෙයවනු ලබති.

එහිදී අක්සර් පටේල් දිල්ලි කණ්ඩායමේද, ශුබ්මන් ගිල් ගුජරාට් කණ්ඩායමේද, රිෂාබ් පාන්ඩ් ලක්නව් කණ්ඩායමේද, හර්දීක් පාණ්ඩ්‍යා මුම්බායි කණ්ඩායමේද, පැට් කමින්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේද නායකයෝ ලෙස කටයුතු කරති. ඉකුත් වසරේ (2024) අනු ශූරයන් වූ හයිද්‍රාබාද් කණ්ඩායම හැරුණුකොට සෙසු සියලුම කණ්ඩායම්වල නායකත්වය දරන්නේ ඉන්දීය ක්‍රීඩකයන් වීමද කැපී පෙනෙන සිදුවීමකි. 

- 036 


අදහස් (0)

අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.