Last Update  :  2025-04-17 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අයි.පී.එල්. තරග 2 ක් එකටම

අයි.පී.එල්. තරග 2 ක් එකටම

editorial - 2021 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) තරගාවලියේ ඔක්තෝබර් 8 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති මූලික වටයේ අවසන් තරඟ දෙක සමගාමීව එදින පස්වරු 7.30 ට පැවැත්වෙන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (බී.සී.සී.අයි) ඊයේ (28 වැනිදා) තහවුරු කළේය. කාලසටහනේ සිදුකළ වෙනස්කම තහවුරු කරමින් දහවල් තරඟයක් පැවැත්වීම වෙනුවට එදින තරඟ දෙකම එකවර ආරම්භ කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තහවුරු කරයි.

තරඟ දෙකම එකවර පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කිරීමට හේතුව කුමක්දැයි තවමත් හරියාකාර පැහැදිළි කිරීමක් කර නැත. රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් පිල අබුඩාබිහිදී සන්රයිසස් හයිද්‍රාබාද් පිල සමඟ තරග වදින අතර විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඩුබායිහිදී දිල්ලි කැපිටල්ස් පිලට එරෙහිව තරඟ වදිනු ඇත.

මුම්බායි පිලට එරෙහි හයිද්‍රාබාද් තරගය ඉන්දීය සම්මත වේලාවට අනුව පස්වරු 3.30 ට ආරම්භ වීමට නියමිතව තිබූ නමුත් සිදුකළ වෙනස් කමත් සමගින් තරගය එදින රාත්‍රී 7.30 ට ආරම්භ වේ. අයි.පී.එල්. තරඟාවලි ඉතිහාසයේ තරඟ දෙකක් එකවර පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන්නේය.

- 2079

 


අදහස් (0)

අයි.පී.එල්. තරග 2 ක් එකටම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.