Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අමෙරිකා එක්සත් ජනපදය සහ අයර්ලන්තය අතර ෆ්ලොරීඩාවේදී පැවැති පළමු විස්සයි 20 ඡාත්‍යන්තර තරගයෙන් ලකුණු 26 ක ජයක් වාර්තා කිරීමට ඇමෙරිකාව සමත් විය. අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය හිමි රටක කණ්ඩායමක්, ඇමරිකාවේදීම, ඇමරිකානු කි‍්‍රකට් කණ්ඩායමට මුහුණ දුන් පළමු අවස්ථාව මෙයයි.
ලවුඩර්හිල්හිදී පැවැති මෙම තරගයේදී ඕවර 5 ක් ඇතුළත ලකුණු 16 කට කඩුලූ 4 ක් බිඳ වැටුණු නමුත්, සුෂාන්ත් මෝදානි (50) සහ ගජානන්ද් සිං (65) දෙදෙනාගේ පිතිහරඹය නිසා කඩුලූ 6 ක් දැවී ලකුණු 188 ක් ලබාගැනීමට ඇමරිකානුවෝ සමත් වූහ. විස්සයි-20 තරග අතරේ එය ඉතාමත් ශක්තිමත් ලකුණු සංඛ්‍යාවකි.
පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 110 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ මෝදානි සහ ගජනන්ද් සිං දෙදෙනා හතරේ පහර 6 කින් සහ හයේ පහර 6 කින් අයර්ලන්ත පන්දු යවන්නන්ට සංග‍්‍රහ කළහ. පන්දු 42 කින් පැමිණි ගජනන්ද්ගේ ලකුණු 65 ට හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.
විස්සයි-20 අන්තර්ජාතික කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අනුව ඇමරිකාවට වඩා ස්ථාන 17 ක් ඉදිරියෙන් සිටින නමුත් අයර්ලන්තයට ලබාගත හැකිවූයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 162 කි. අයර්ලන්තයේ ලෝකන් ටකර් නොදැවී ලකුණු 57 ක් ලබා සිටියදී දැවී ගියේය.
පසුගිය ඔක්තෝබර් - නොවැම්බර් මාස වලදී පැවැති ලෝක කුසලාන තරගාවලියේදීත් තරග කළ අයර්ලන්තය ශී‍්‍ර ලංකාව සහ නැමීබියාව හමුවේ පැවැති තරග වලදී පරාජය වීම හේතුවෙන් ප‍්‍රධාන තරගාවලියෙන් ඉවතට වීසි විය.
අයර්ලන්ත නායක ඇන්ඩෲ බැල්බර්නි පැවසුවේ හරියාකාරව පන්දු යැවූයේ නැති නිසා පරාජය ලැබීමට තමන් සුදුස්සන් බවයි.
”ඒ ගැන අපි හැමෝටම කළකිරිමක් තියනවා. නමුත් හෙට තරගයේදී ඒක ආපසු හැරේවි” යයිද බැල්බර්නි වැඩිදුරටත් කීවේය.
ඇමරිකානු පිල වෙනුවෙන් කී‍්‍රඩා කරන, බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් පිලේ හිටපු පිතිකරු සේවියර් මාෂල්, රිට්වික් බෙහෙරා සහ රයන් ස්කොට් ඕවර 4.2 ක් ඇතුළත දැවී ගියහ. එහෙත් සුෂාන්ත් මෝදානි (50) සහ ගජානන්ද් සිං (65) දෙදෙනාගේ පිතිහරඹය නිසා කඩුලූ 6 ක් දැවී ලකුණු 188 ක් ලබාගැනීමට ඇමරිකානුවෝ සමත් වූහ.
ඇමරිකාව - ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 188 යි
( සුෂාන්ත් මෝදානි 50, ගජානන්ද් සිං 65, මාටි කේන් 39, බැරී මැකාති 30/4)
අයර්ලන්තය - ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 162 යි
(පෝල් ස්ටර්ලිං 31, ලෝකන් ටකර් නොදැවී 57, කර්ටිස් කැම්පර් 17, ෂේන් ගැට්කේට් 19, සෞරබ් නෙත්රාවල්කර් 26/2, අලී ඛාන් 30/2, නිසාග් පතෙල් 08/2)
- 8535
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.