Last Update  :  2024-09-19 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඇෆ්ඝනිස්ථානුවෝ ඉතිහාසය අලුත් කරති
විස්සයි-20 ලෝක කුසලාන

ඇෆ්ඝනිස්ථානුවෝ ඉතිහාසය අලුත් කරති

දමින්ද විජේසූරිය - 2024 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

(ශානුක අරවින්ද)   

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිර 8‍ දෙනාගේ වටය යටතේ ඇ‍ෆ්ඝනිස්ථානය සහ බංග්ලාදේශය අතර ශාන්ත වින්සන්ට්හි ආනෝස් වේල් ක්‍රීඩාංගණයේදී ‍ඊයේ (24 වැනිදා) පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 8 ක තියුණු ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්ථානය සමත් විය. මෙම ජයත් සමග ‍ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට අවසන් පූර්ව වටයට පිවිසීමටද ඔවුහු සමත් වූහ.

වර්ෂාව හේතුවෙන් බංග්ලාදේශ ඉනිම ඕවර 19 කට සීමා වූ අතර එහිදී ඔවුන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 114 ක ඉලක්කයක් හිමිවිය. කෙසේ වුවත් නායක රෂීඩ් ඛාන් සහ නවීන් උල්හක් ප්‍රමුඛ ඇෆ්ඝනිස්ථාන පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ බංග්ලාදේශයට ඕවර 17.5 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 105 ක් පමණි. එහිදී රෂීඩ් සහ නවීන් කඩුලු 4 බැගින් දවාගත්හ.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ලිටන් දාස් පන්දු 49 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 54 ක් රැස්කළ නමුත් සෙසු පිතිකරුවන්ගේ සහායක් නොලැබීම හේතුවෙන් ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. එහිදී පිතිකරුවන් 9 දෙනකුම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් මත්තෙන් දැවී යෑම බංග්ලාදේශයට විශාල පාඩුවක් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථානයට ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 115 ක් පමණි. ඇෆ්ඝනිස්ථාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 55 කදී හයේ පහරක් සහ හතරෙ පහර 3 ක් සමග ලකුණු 43 ක් රැස්කරමින් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.

ඇෆ්ඝනිස්ථානය - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 115
(රහ්මනුල්ලා ගුර්බාස් 43, ඊබ්‍රහීම් සද්‍රාන් 18, රෂීඩ් ඛාන් නොදැවී 19, රිෂාඩ් හොසේන් 26/3)

බංග්ලාදේශය - ඕවර 17.5 කදී සියලු දෙනා දැවී 105
(ලිටන් දාස් නොදැවී 54, තව්හිද් රිඩෝයි 14, රෂීඩ් ඛාන් 23/4, නවීන් උල්හක් 26/4)


අදහස් (2)

ඇෆ්ඝනිස්ථානුවෝ ඉතිහාසය අලුත් කරති
  • MADHU Tuesday, 25 June 2024 07:50 PM

    අපේ අයියලාට මේවාවත් බලලා හැදෙන්න කියමු...

    Reply 0       0

    Indika Tuesday, 25 June 2024 08:07 PM

    කවුරු කප් එක ගත්තත් ඇෆ්ගන් කොල්ලෝ තමයි ශූරයින්...! ❤️❤️❤️

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.