Last Update  :  2025-01-15 19:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දියානුවෝ අයර්ලන්තය පාගා දමති
වි-20 ලෝක කුසලාන 2024

ඉන්දියානුවෝ අයර්ලන්තය පාගා දමති

editorial - 2024 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ අයර්ලන්තය  අතර නිව්යෝක් නුවර නසාවු ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව  සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 97 ක පහසු ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ ඕවර 12.2 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ.

වේගවත් පිතිහරඹයක නිරත වූ නායක රෝහිත් ශර්මා පන්දු 37 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 54 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. පන්දු 26 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග⁣ නොදැවී ලකුණු 36 ක් රැස්කළ රිෂාබ් පාන්ට්, ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑම සඳහා ශර්මාට අනගි සහායක් දුන්නේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත  කණ්ඩායමට හර්දීක් පාණ්ඩ්‍යා පමුඛ ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 16 ක් අවසන් වන විට සියලු  දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 96 ක් පමණි. එහිදී පාණ්ඩ්‍යා ලකුණු 27 කඩුලු 3 ක් දවාගත් අතර අයර්ලන්ත ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට සහය දුන් ජස්ප්‍රීට් බුම්රා සහ අර්ෂ්දීප් සිං කඩුලු 2 බැගින් බිඳහෙළීමට සමත් වූහ.

අයර්ලන්තය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක ගැරිත් ඩෙලනි පන්දු 14 කදී ලකුණු 26 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. කෙසේ වුවත් පිතිකරුවන් 7 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දැවී යෑම අයර්ලන්තය කණ්ඩායමට විශාල පාඩුවක් විය.

 

අයර්ලන්තය - ඕවර 16 කදී සියලු දෙනා දැවී 96
(ගැරිත් ඩෙලනි 26, ජොෂුවා ලිට්ල් 14, හර්දීක් පාණ්ඩ්‍යා 27/3, ජස්ප්‍රීට් බුම්රා 06/2, අර්ෂ්දීප් සිං 35/2)

ඉන්දියාව - ඕවර 12.2 කඩුලු 2 ක් දැවී 97
(රෝහිත් ශර්මා 54, රිෂාබ් පාන්ට් නොදැවී 36)


අදහස් (0)

ඉන්දියානුවෝ අයර්ලන්තය පාගා දමති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.