Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ඉන්දියාවේදී පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට සත්කාර ඉන්දීය කණ්ඩායම සමත් විය. දෙරට අතර අහමදාබද් නුවරදී ඊයේ (12 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 142 ක ජයක් ලැබීමත් සමග ඉන්දියාව මෙම පූර්ණ ජයග්‍රහණයට හිමිකම් කීවේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 357 ක ඉලක්යක් හමාගිය එංගලන්ත කණ්ඩායමට ඕවර 34.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 214 ක් පමණි. එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් වන ටොම් බැන්ටන් සහ ගස් ඇට්කින්සන් ලකුණු 38 බැගින් රැස්කළහ.
දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ අක්සර් පටේල්, හර්ෂිත් රානා, අර්ෂ්දීප් සිං සහ හර්දීක් පාණ්ඩ්‍යා කඩුලු 2 බැගින් බිඳහෙළමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රාහී මාවග අවහිර කර දැමූහ. කුල්දීප් යාදව් සහ වොෂින්ටන් සුන්දර් කඩුල්ල බැගින් බිඳහෙළමින් ඒ සඳහා ඔවුන්ට අනගි සහායක් දුන්හ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 356 ක් ලබාගත් අතර එහිදී අගනා පිතිහරඹයක නිතර වූ ශුබ්මන් ගිල් පන්දු 102 කින් ලකුණු 112 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 14 ක් සමගිනි. ශ්‍රෙයාස් අයියර් පන්දු 64 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 78 ක් රැස්කළේය.
ඉන්දියාව - ඕවර 50 කදී සියලු දෙනා දැවී 356
(ශුබ්මන් ගිල් 112, විරාට් කෝලි 52, ශ්‍රෙයාස් අයියර් 78, ලෝකේෂ් රාහුල් 40, හර්දීක් පාණ්ඩ්‍යා 17, ආදිල් රෂීඩ් 64/4, මාක් වුඩ් 45/2)
එංගලන්තය - ඕවර 34.2 කදී සියලු දෙනා දැවී 214
(පිලිප් සෝල්ට් 23, බෙන් ඩකට් 34, ටොම් බැන්ටන් 38, ජෝ රූට් 24, හැරී බෘක් 19, ගස් ඇට්කින්සන් 38, අක්සර් පටේල් 22/2, හර්ෂිත් රානා 31/2, අර්ෂ්දීප් සිං 33/2, හර්දීක් පාණ්ඩ්‍යා 38/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.