Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දියාව පන්දුවට පහරදීම තෝරාගනී
ඉන්දියා - දකුණු අප්‍රිකා තරගය

ඉන්දියාව පන්දුවට පහරදීම තෝරාගනී

editorial - 2022 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පර්ත් නුවරදී අද (30 වැනිදා) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිත් ශර්මා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඉන්දියාව මෙතෙක් සහභාගි වූ තරග 2 ම ජයගෙන ලකුණු 4 ක් ලබා ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටියි. දකුණු අප්‍රිකාව එක් තරගයක් ජයගත්තද, සහභාගි වූ සෙසු තරගය විසඳුමකින් තොරව අවසන් වීම නිසා ලකුණු 3 ක් ලබා ‘බී’ කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවේ.

මෙම තරගයේදී ලකුණ 28 ක් රැස්කළහොත් විස්සයි-20 ලෝක කුසලාන තරගවලදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයා බවට පත්වීමට විරාට් කෝලිට හැකිවනු ඇත. මේ වන විට ඔහු ලකුණු 989 ක් ලබා සිටින අතර එම ලැයිස්තුවේ පෙරමුණේ පසුවන මහේල ජයවර්ධන ලකුණු 1016 ක් ලබා සිටියි.


ඉන්දීය පිල
රෝහිත් ශර්මා (නායක), ලෝකේෂ් රාහුල්, විරාට් කෝලි, සූර්යකුමාර් යාදව්, හර්දීක් පාණ්ඩ්‍යා, දිනේෂ් කාර්තික්, දීපක් හූඩා, රවිචන්ද්‍රන් අෂ්වින්, බුවනේෂ්වර් කුමාර්, මොහොමඩ් සාමි සහ අර්ෂ්දීප් සිං

දකුණු අප්‍රිකානු පිල
ටෙම්බා බවුමා (නායක), ක්වින්ටින් ඩි’කොක්, රිලී රූසොව්, ඒඩ්න් මාක්‍රම්, ටි්‍රස්ටන් ස්ටබ්ස්, ඩේවිඩ් මිලර්, වේන් පනේල්, කේෂව් මහරාජ්, කගිසෝ රබාඩා, ඇන්රික් නොකියා, ලුංගි න්ගිඩි සහ මාර්කෝ ජැන්සන්

- 036

 


අදහස් (0)

ඉන්දියාව පන්දුවට පහරදීම තෝරාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.