Last Update  :  2024-09-18 20:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දීය ක්‍රීඩිකාවෝ අවසන් සටනට එති
ආසියානු කුසලාන කාන්තා

ඉන්දීය ක්‍රීඩිකාවෝ අවසන් සටනට එති

editorial - 2024 ජුලි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශ කාන්තා පිලට එරෙහිව කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කළ ඉන්දීය කාන්තා පිල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට  සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 81 ක පහසු ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩිකාවෝ ඕවර 11 ක් අවසානයේ කිසිවකු නොදැවී ඉලක්කය සපුරාගත්හ. ආරම්භක පිතිකාරිණියන් වූ ශෙෆාලි වෙර්මා පන්දු 28 කදී හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 26 ක්ද, ස්ම්‍රිති මන්දනා පන්දු 39 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමග නොදැවී ලකුණු 55 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ  කාන්තා කණ්ඩායමට රේණුකා සිං සහ රාධා යාදව් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 80 ක් පමණි. බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ නායිකා නිගාර් සුල්තානා පන්දු 51 කදී ලකුණු 32 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි. 

ඉන්දීය කාන්තා පිල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ රේණුකා සිං සිය ඕවර 4 ලකුණු 10 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත් අතර බංග්ලාදේශ කාන්තා ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඇයට අනගි සහායක් දුන් රාධා යාදව් ලකුණු 14 කට කඩුලු 3 ක් බිඳහෙළීමට සමත් වූවාය. එහිදී ඔවුන් දෙදෙනාම නිලකුණු ඕවරය බැගින් යැවීමටද සමත් වූහ. 


බංග්ලාදේශ කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 80
(නිගාර් සුල්තානා 32, ශෝර්නා අක්තර් නොදැවී 19, රේණුකා සිං 10/3, රාධා යාදව් 14/3)

ඉන්දීය කාන්තා පිල - ඕවර 11 කදී කිසිවකු නොදැවී 83
(ශෙෆාලි වෙර්මා නොදැවී 26, ස්ම්‍රිති මන්දනා නොදැවී 55)

(ඡායාරූප - ආසියානු ක්‍රිකට් සම්මේලනය අනුග්‍රහයෙනි)

-036


අදහස් (0)

ඉන්දීය ක්‍රීඩිකාවෝ අවසන් සටනට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.