Last Update  :  2025-03-27 18:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දීය යොවුන් පිල අවසන් පූර්ව වටයට
යොවුන් ලෝක කුසලාන

ඉන්දීය යොවුන් පිල අවසන් පූර්ව වටයට

editorial - 2022 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව්හිදි පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය යොවුන් පිල සමත් විය‍. ඇන්ටිගුවාහි කූලිජ් ක්‍රීඩාංගණයේදී ඊයේ (29 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කරමින් ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට පිවිසියහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 112 ක පහසු ඉලක්කයක් හඹාගිය ඉන්දීය  යොවුන් කණ්ඩායම ඕවර 30.5 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. පන්දු 26 කදී හතරේ පහර 4 ක් සමග ‍නොදැවී ලකුණු 20 ක් රැස්කළ නායක යෂ් ධූල් ඉන්දීය යොවුන් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

ආරම්භක පිතිකරු අන්ග්ක්‍රිෂ් රඝුවන්ෂි පන්දු 65 කදී ලකුණු 44 ක් රැස්කරමින් ඉන්දීය යොවුන් කණ්ඩායමට සාර්ථක ආරම්භක් ලබාදුන් අතර ශයික් රෂීඩ් (26) සමග එක්ව පන්දු 111 කදී ලකුණු 70 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක්ද දැමුවේය. පන්දු 59 කදී වාර්තා වූ රෂීඩ්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ රිපොන් මොන්ඩොල් නිලකුණු ඕවරයක් සමග ඕවර 9 ක් යවමින් ලකුණු 31 කට කඩුලු 4 ක් දවාගැනිමට සමත් වුවද, ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට රවී කුමාර් ප්‍රමුඛ ඉන්දීය යොවුන් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 37.1 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 111 ක් පමණි. එහිදී කුමාර් ලකුණු 14 කට කඩුලු 3 ක් බිඳහෙළු අතර විකී ඔට්ස්වාල් ලකුණු 25 කට කඩුලු 2 ක් දවාගත්තේය.

බංග්ලාදේශ යොවුන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ එස්.එම්. මෙහෙරබ් පන්දු 48 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 30 ක් රැස්කළ නමුත් පිතිකරුවන් 7 දෙනෙකුම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් පෙරාතුව දැවී යෑම බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට විශාල පාඩුවක් විය.

 

බංග්ලාදේශ යොවුන් පිල - ඕවර 37.1 කදී සියලු දෙනා දැවී 111
(එයිච් මෝලා 17, එස්.එම්. මෙහෙරබ් 30, අෂිකුර් සමාන් 16, රවී කුමාර් 14/3, විකී ඔට්ස්වාල් 25/2)

ඉන්දිය යොවුන් පිල - ඕවර 30.‍5 කදී කඩුලු 5 ක් දැවී 117  
(අන්ග්ක්‍රිෂ් රඝුවන්ෂි 44, ශයික් රෂීඩ් 26, යෂ් ධූල් නොදැවී 20, රිපොන් මොන්ඩොල් 31/4)


-036


අදහස් (0)

ඉන්දීය යොවුන් පිල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.