Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය විස්සයි-20 කණ්ඩායමේ නායකත්වයට හර්දික් පාණ්ඩ්‍යා පත්කෙරෙනු ඇතැයි ප්‍රධාන පෙළේ ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය ජාතික කණ්ඩායමේ නායකයා වශයෙන් පාණ්ඩ්‍යාගේ පළමු අභියෝගය වන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරගාවලියයි.
ඉන්දීය කණ්ඩායම මේ වනවිටත් සිම්බාබ්වේහිදී විස්සයි-20 තරගාවලියකට සහභාගි වෙමින් සිටින නමුත් එහිදී ඉන්දීය පිල මෙහෙයවනු ලබන්නේ ශුබ්මන් ගිල් විසිනි.
විස්සයි-20 ලෝක කුසලානය ජයගැනීමෙන් පසු හිටපු නායක රෝහිත් ෂර්මා විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තේය. එබැවින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විස්සයි-20 කණ්ඩායම සඳහා දීර්ඝ කාලීන නායකයකු සොයමින් සිටී.
ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය මේ මස 24 වැනිදා ආරම්භ වෙයි. මෙම තරගාවලියට විස්සයි-20 තරග 3 ක් සහ එකදින තරග 3 ක් ඇතුළත්ය.
ලෝක ටෙස්ට් ශූරතාවලිය ඉලක්ක කරමින් රෝහිත් ෂර්මා ටෙස්ට් නායකත්වයේ සිටිනු ඇතැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තු වන නමුත් ලබන වසරේදී පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් ඉන්දිය එක්දින කණ්ඩායම සඳහාත් නව නායකයකු සොයමින් සිටින බවත් කියැවේ. එක්දින නායකත්වය සඳහා ලෝකේෂ් රාහුල් පිළිබඳ අවධානය යොමුවී තිබේ.
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී තුන් ඉරියව් ක්‍රීඩකයකු වශයෙන් විශිෂ්ට දස්කම් දැක්වූ හර්දික් පාණ්ඩ්‍යා, ඉනිම 6 කදී ලකුණු 144 ක් ලබාගත්තේ ඉනිමකදී ලකුණු 48.00 ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. එහිදී ඔහුගේ ලකුණු රැස්කිරීමේ ප්‍රවේගය (පන්දු 100 කින් ලබාගන්නා ලකුණු සංඛ්‍යාව) 151.57 ක් විය. ලෝක කුසලාන තරග 8 කදී ඔහු දවාගත් කඩුලු සංඛ්‍යාව 11 කි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.