Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉශාන් කිෂන්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර හයිද්‍රාබාද් නුවර රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (23 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 44 ක පහසු ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් කණ්ඩයම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 287 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 242 ක් පමණි. රාජස්ථාන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ධුරුව් ජුරෙල් පන්දු 35 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 70 ක් රැස්කළ අතර සංජු සැම්සන් පන්දු 37 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 66 ක් රැස්කළේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 286 ක් ලබාගත් අතර එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ඉෂාන් කිෂන්, පන්දු 47 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණු 106 ක් රැස්කළේ මෙවර තරගාවලියේ පළමු ශතකය ලාභියා බවටද පත්වෙමිනි.
ටැවීස් හෙඩ් (67) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 85 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඉෂාන් කිෂන්, ඉන් නොනැවතී නිතිෂ් රානා (30) සමග එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 29 කින් ලකුණු 72 ක්ද, හෙන්රිච් ක්ලාසන් (34) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 25 කින් ලකුණු 56 ක්ද එක්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.
එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ හෙඩ් පන්දු 31 කදී වාර්තා වූ සිය අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 9 කින් අලංකාර කළ අතර පන්දු 15 කදී වාර්තා වූ නිතිෂ් රෙඩ්ඩිගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක්ද, පන්දු 14 කදී වාර්තා වූ ක්ලාසන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක්ද අන්තර්ගත විය.
සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 286
(අභිෂේක් ශර්මා 24, ට්‍රැවීස් හෙඩ් 67, ඉෂාන් කිෂන් නොදැවී 106, නිතිෂ් රෙඩ්ඩි 30, හෙන්රිච් ක්ලාසන් 34, තුෂාර් දේෂ්පාණ්ඩේ 44/3, මහීෂ් තීක්ෂණ 52/2)
රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 242
(සංජු සැම්සන් 66, ධුරුව් ජුරෙල් 70, ශිම්රන් හැට්මෙයර් 42, ශුභම් ඩුබේ නොදැවී 34, හර්ෂාල් පටේල් 34/2, සිමර්ජීත් සිං 46/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.