Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටැමී බෝමොන්ට්ගේ (102) අගනා ශතකය හමුවේ සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව අද (27 වැනිදා) කැන්ටබරිහිදී පැවැති පස්වැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 203 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 4-1 ක් ලෙස ජය ගැනීමටද එංගලන්ත ක්‍රීඩිකාවෝ සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 348 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායම ඕවර 35.2 ක් අවසානයේ ලකුණු 144 කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නියෝ සමත් වූහ. එහිදී නායිකා හේදර් නයිට් සහ කේට් ක්‍රොස් කඩුලු 3 බැගින් දවාගනිමින් නවසීලන්ත ඉනිම සුනුවිසුණු කර දැමූහ. ඔවුන්ට අනගි සහායක් දුන් සොෆී එක්ල්ස්ටෝන් කඩුලු 2 ක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 31 ක් ලබාදෙමිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත ක්‍රීඩිකාවෝ ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 347 ක් රැස්කළ අතර එහිදී ටැමී බෝමොන්ට් පන්දු 114 කින් අගනා ශතකයක් ලබාගැනීමට සමත් වූයේ හතරේ පහර 11 ක් සමගිනි. වින්ෆීල්ඞ් හිල් (43) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 101 කදී ලකුණු 95 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ටැමී සමත් වූවාය.
ඇමී ජෝන්ස් පන්දු 46 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 60 ක්ද, නටාලි ස්කයිවර් පන්දු 38 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 39 ක්ද, සොෆියා ඩන්ක්ලි පන්දු 25 කදී හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 33 ක්ද රැස්කරමින් එංගලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 20 කට මුහුණදුන් ඩැනියෙල් වයට් එහිදී නොදැවී ලකුණු 43 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.
එංගලන්ත කාන්තා පිල - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 347
(වින්ෆීල්ඞ් හිල් 43, ටැමී බෝමොන්ට් 102, නටාලි ස්කයිවර් 39, ඇමී ජෝන්ස් 60, නටාලි ස්කයිවර් නොදැවී 33, ඩැනියෙල් වයට් නොදැවී 43, හැනා රෝව් 65/2)
නවසීලන්ත කාන්තා පිල - ඕවර 35.2 කදී සියලු දෙනා දැවී 144
(ලෝරන් ඩවුන් 27, මැඩී ග්‍රීන් 22, බෘක් හැලිඬේ 27, හේලි ජෙන්සන් 19, හැනා රෝව් 20, හේදර් නයිට් 24/3, කේට් ක්‍රොස් 44/3, සොෆී එක්ල්ස්ටෝන් 31/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.