Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා - එංගලන්ත විස්සයි20 තරගාවලියේ තරග තීරකවරයා ලෙස කටයුතු කළ ෆිල් විටිකේස් මහතාට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. 56 හැවිරිදි ඔහු කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන නමුත් මේ වන විට දින 10 ක ස්වයං නිරෝධායනයකට ලක් කොට ඇතැයි එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි.
කෙසේ වුවත් මෙය දෙරට අතර හෙට (29 වැනිදා) චෙස්ටර්ලේ ස්ට්‍රීට්හිදී ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලියට කිසිසේත්ම බාධා ඇති නොකරනු ඇතැයි එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය කියා සිටියි.
පළමු එක්දින තරගයේ නිලධාරීන් ලෙස කටයුතු කිරීමට නියමිතව සිටි 5 දෙනෙක් ඇතුළු දූෂණ මර්ධන නිලධාරීන් සහ තරග නිලධාරීන් 7 දෙනෙකු තරග තීරකවරයාගේ සමීප ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇති බැවින් ඔවුන්ද දින 10 ක ස්වයං නිරෝධායනයකට යොමු කෙරෙන බව වාර්තා වේ.
කෙසේ වුවත් කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන්ට සහ පුහුණු කාර්යය මණ්ඩ සාමාජිකයන්ට සහ නිලධාරීන්ට ඉන් කිසිදු හානියක් සිදු නොවන බවත්, ඔවුන්ට සෞඛ්‍ය නිති රීතිවලට යටත්ව පුහුණුවීම්වලට සහ තරගවලට සහභාගි විය හැකි බවත් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩල නිවේදනයේ සඳහන් වේ.
දෙරට අතර පැවැති විස්සයි20 තරගාවලිය 3-0 කින් ජයගැනීමට එංගලන්තය සමත් වූ අතර එක්දින තරගාවලිය හෙට (29 වැනිදා), ජූලි මස 1 වැනිදා සහ 4 වැනිදා පිළිවෙලින් චෙස්ටර්ලේ ස්ට්‍රීට්හිදී, ලන්ඩන්හිදී සහ බ්‍රිස්ටල්හිදී පැවැත්වීමට නියමිතය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.