Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එළඹෙන සැප්තැම්බර් මාසයේදී එංගලන්තයට එරෙහිව ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ සීමිත ඕවර තරග 6 ක තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවන තත්ත්වයක් පැමිණ තිබේ. ඒ අනුව කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ නවසීලන්ත ‘ඒ’ කණ්ඩායමේ සංචාරයද කල් දමා ඇත.
මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තවමත් විධිමත් නිවේදනයක් නිකුත් කර නොමැති නමුත් එය ඉතා ඉක්මනින් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
“සැප්තැම්බර් අගදී එංගලන්තය තරඟ 6 ක් (එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 ක්) ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා. නිසැකවම වර්තමාන තත්වයන් යටතේ එංගලන්ත කණ්ඩායම ඉන්දියාවට එන්නේ නෑ” යයි යනුවෙන් නිර්නාමිකභාවයේ කොන්දේසි ඇතිව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ඇත.
සිකුරාදා පැවැත්වෙන අභියාචනා මණ්ඩල රැස්වීමේදී ඉන්දියාවේ අනාගත සංචාර සහ වැඩසටහන් දින දර්ශනය පිළිබඳව සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාවක් වනු ඇත.
“නමුත් සිකුරාදා අභියාචනා මණ්ඩල රැස්වීමේදී න්‍යාය පත්‍රයේ කොටසක් ලෙස අනාගත සංචාර සහ වැඩසටහන් ගැන ප්‍රශ්නය සාකච්ඡා කෙරේවි. ඉන් පසුව විධිමත් නිවේදනයක් නිකුත් කරයි කියලා මම හිතනවා. නවසීලන්ත ‘ඒ’ කණ්ඩායමෙහි ඉන්දියානු සංචාරයක් අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර එය පවා ඉදිරියට ගෙන යෑමට අපහසුයි” යැයි එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවසීය.
මෙම තරගාවලිය ලබන වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමේ හැකියාවක් ඇති බව බි්‍රතාන්‍ය මාධ්‍යවල වාර්තා වල දැක්වේ.
මේ වනවිට ඉන්දියාවේ කොරෝනා රෝගීන් ලක්ෂ 9 කට අධික සංඛ්‍යාවක් සිටින අතර මරණ සංඛ්‍යාව 25,000 දක්වා ඉහළ ගොස් තිබේ. ලෝකයේ කොරෝනා රෝගීන්ගේ තුන්වන ඉහළම අගය ගනු ලබන්නේ ඉන්දියාවයි.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.