Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව බාර්බඩෝස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා (29 වැනිදා) පැවැති සිවුවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 34 ක ජයක් ලැබූ එංගලන්ත කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 2-2 ක් ලෙස යළිත් සම තත්ත්වයට පත්කළේය.
තරගාවලියේ පළමු තරගය ජයගැනීමට කොදෙව්වෝ සමත් වූහ. දෙවැනි තරගය ජයගත් එංගලන්ත ක්‍රීඩකයෝ 1-1 ක් ලෙස තරගාවලිය සම කළහ. තෙවැනි තරග ජයගනිමින් 2-1 ක් ලෙස කොදෙව්වෝ පෙරමුණ ගත් නමුත් සිව්වැනි තරගයේ ජය තමන් සතුකර ගත් එංගලන්තය 2-2 ක් ලෙස යළිත් වරක් තරගාවලිය සම කළේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 194 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායමට තාවකාලික නායක මුයින් අලී ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 159 ක් පමණි. තරගය අවසන් වන විට නායක කිරන් පොලාඩ් පන්දු 16 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 18 ක් ලබා කඩුල්ලේ රැදී සිටියේය.
ආරම්භක පිතිකරුවන් වූ බ්‍රෙන්ඩන් කිං පන්දු 27 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 26 ක්ද, කයිල් මේයර්ස් පන්දු 23 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 40 ක්ද රැස්කළහ. ජේසන් හෝල්ඩර් පන්දු 24 කින් ලකුණු 36 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. කෙසේ වුවත් ඔවුන් කිසිවකුට කොදෙව් කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි වූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 193 ක් ලබා ගත්තේය. ලකුණු 8 ක්ව තිබියදී ටොම් බැන්ටන් ලකුණු නොළබා දැවී ගියද, ජේම්ස් වින්ස් (34) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 57 කදී ලකුණු 85 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ජේසන් රෝයි සමත් විය.
පන්දු 42 කට මුහුණදුන් රෝයි හයේ පහර 3 කින් සහ හතරේ පහර 5 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 26 කදී වාර්තා වූ වින්ස්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය. නායක මුයිල් අලී හයේ පහර 7 ක් සහ හතරේ පහරක් සමග පන්දු 28 කින් වේගවත් ලකුණු 63 ක් රැස්කරමින් එංගලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
එංගලන්තය - ඕවර 20 කදී කඩුලු 6 කට 193
(ජේසන් රෝයි 52, ජේම්ස් වින්ස් 34, මුයින් අලී 63, ලයෑම් ලිවිංග්ස්ටන් 16, ජේසන් හෝල්ඩර් 44/3)
බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 20 කදී කඩුලු 5 කට 159
(බ්‍රෙන්ඩන් කිං 26, කයිල් මේයර්ස් 40, නිකලස් පූරන් 22, ජේසන් හෝල්ඩර් 36, කිරන් පොලාඩ් නොදැවී 18, මුයින් අලී 28/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.