Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එංගලන්තය කඩුලු 5 කට 240 යි
අළු බඳුන

එංගලන්තය කඩුලු 5 කට 240 යි

editorial - 2023 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බර්මින්හැම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අළු බඳුන තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (16 වැනිදා) තේ පානය සඳහා ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 240 ක් ලබා සිටියේය.

ඒ වන විට ජෝ රූට් නොදැවී ලකුණු 66 ක්ද, ජොනී බෙයාස්ටෝ නොදැවී ලකුණු 33 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටි අතර තේ පානය සඳහා ක්‍රීඩාව නතර කරන විට ඔවුන් දෙදෙනා එක්ව එංගලන්ත ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 64 කි.

මුලු ලකුණු සංඛාව 22 ක් වන විට පළමු කඩුල්ල ලෙස බෙන් ඩකට් (12) පිටියෙන් ඉවත් කිරීමට ජොෂ් හෙසල්වුඩ් සමත් වූ නමුත්, දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 70 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගීමට ආරම්භක පිතිකරු සැක් ක්‍රොව්ලි (61) සහ ඔලී පෝප් (31) සමත් වූහ.

කෙසේ වුවත් ලකුණු 32 ක් ඇතුළත ක්‍රොව්ලි සහ පෝපි දවාගැනීමට ස්කොට් බෝලන්ඩ් සහ නේදන් ලයන් සමත් වීමත් සමග යළිත් තරගයට අවතීර්ණ වූ ඕස්ටේ්‍රලියානුවෝ, මුලු ලකුණු සංඛ්‍යාව 176 ක් වන විට තවත් කඩුලු 2 ක් බිඳහෙළමින් එංගලන්ත ඉනිම අඩ පණ කළහ.  

 

එංගලන්ත පළමු ඉනිම - කඩුලු 5 කට 240
(සැක් ක්‍රොව්ලි 61, ඔලී පෝප් 31, ජෝ රූට් නොදැවී 66, හැරී බෘක් 32, ජොනී බෙයාස්ටෝ නොදැවී 33, නේදන් ලයන් 71/2, ජොෂ් හෙසල්වුඩ් 56/3)

 

-036


අදහස් (0)

එංගලන්තය කඩුලු 5 කට 240 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.