Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එංගලන්තය ජය මාවතේ
ක්‍රයිස්ට්චර්ච් ටෙස්ට් තරගය

එංගලන්තය ජය මාවතේ

editorial - 2024 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ප්‍රංශ පුවත් සේවය ඇසුරිනි - සැකසුම : දමින්ද විජේසූරිය)

නවසීලන්තයේ දුර්වල පන්දු රැකීම හමුවේ ලකුණු 151 ක මුල් ඉනිමේ වාසියක් ලබාගත් එංගලන්ත ක්‍රීඩකයෝ, ක්‍රයිට්ස්ටර්ච් නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අදම (30 වැනිදා) නවසීලන්තයේ කඩුලු 6 ක් ලකුණු 153 කට බිම දැමූහ. වේග පන්දු යවන්නන් වන ක්‍රිස් වෝක්ස් (39/3) සහ බ්‍රයිඩන් කාර්සි (22/3) දෙදෙනා එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණයේ මාවතට කැඳවාගෙන ආහ. 

අද සවස ක්‍රීඩාව නතර කරන විට කඩුලු 6 කට ලකුණු 155 ක් ලබා සිටි නවසීලන්තය, සංචාරක එංගලන්ත කණ්ඩායමට වඩා ලකුණු 04 කින් ඉදිරියෙන් සිටියද සත්කාරකයන් සතුව ඇත්තේ කඩුලු 4 පමණි. ඩැරිල් මිචෙල් (නොදැවී 31) සහ කෝඩුකාර නේතන් ස්මිත් (නොදැවී 01) පිටියේ රැඳී සිටි නවසීලන්ත පිතිකරුවෝ වෙති. 

නවසීලන්ත දෙවැනි ඉනිමේදී ආරම්භක පිතිකරුවෝ දෙදෙනාම ලකුණු 23 ක් ඇතුළත දැවී ගියහ. කේන් විලියම්සන් (61) සහ රචින් රවීන්ද්‍ර (24) එක්ව කණ්ඩායම ගොඩගැනීමට කිසියම් උත්සාහයක නිරත වූ නමුත් දෙදෙනා අතර සම්බන්ධතාව ලකුණු 41 දී බිඳ වැටිණ.
 කේන් විලියම්සන්ගේ දැවී යාමෙන් පසු, ලකුණු 20 ක් ඇතුළත තවත් පිතිකරුවෝ දෙදෙනෙක් ක්‍රීඩාගාරයට ගියහ. විලියම්සන් සහ ටොම් බ්ලන්ඩ්ල් දෙදෙනා දැවී ගියේ පිට පිට පන්දු දෙකකිනි. එහෙත් ක්‍රිස් වෝක්ස්ගේ කඩුලු ත්‍රිත්වයට ග්ලෙන් පිලිප්ස් හරස් විය. 

තරගයේ දෙවැනි දිනය වූ ඊයේ සවස ක්‍රීඩාව නතර කරන විට කඩුලු 5 කට ලකුණු 319 ක් ලබා සිටි එංගලන්තය අද උදෑසන සිටම තමන්ගේ ලකුණු සංඛ්‍යාව වැඩිකරගනිමින් ඉදිරියට ගියේය. අද පෙරවරුවේදී එංගලන්ත පිතිකරුවන්ගේ ලකුණු ලබාගැනීමේ වේගය ඕවරයකදී ලකුණු 6.00 ක් ඉක්මවා තිබිණ. 

හැරී බෲක් (171) සහ නායක බෙන් ස්ටෝක්ස් (80) දෙදෙනා එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 159 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමෙන් පසුව බෲක්ගේ ඉනිම නිමා විය. විනාඩි 323 කදී පන්දු 197 කින් ලකුණු 171 ක් ලබාගත් බෲක්ස්ගේ ඉනිමට හතරේ පහර 15 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත් විය. පසුපෙළ පිතිකරුවන් වන ගස් ඇට්කින්සන් (48) සහ බ්‍රයිඩන් කාර්සි (33) දෙදෙනා සමගින් එක්ව හොඳ සම්බන්ධතා ගොඩගැංවූ නායකයා දැවී යන විට එංගලන්ත පිලේ ලකුණු සංඛ්‍යාව 485 ක් විය. 


නවසීලන්තය - පළමු ඉනිම 348 යි
එංගලන්තය - පළමු ඉනිම 499 යි

(බෙන් ඩකට් 46, ජේකබ් බෙතිල් 10, හැරී බෲක් නොදැවී 171, ඔලී පෝප් 77, බෙන් ස්ටෝක්ස් 80, ගස් ඇට්කින්සන් 48, බ්‍රයිඩන් කාර්සි නොදැවී 33, ටිම් සවුති 85/2, මැතිව් හෙන්රි 84/4,  නේතන් ස්මිත් 141/3)

නවසීලන්තය - දෙවැනි ඉනිම කඩුලු 6 ට 155 යි
(කේන් විලියම්සන් 61, රචින් රවීන්ද්‍ර 24, ඩැරිල් මිචෙල් නොදැවී 31, ග්ලෙන් පිලිප්ස් 19, ක්‍රිස් වෝක්ස් 39/3, බ්‍රයිඩන් කාර්සි 22/3)


අදහස් (0)

එංගලන්තය ජය මාවතේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.