Last Update  :  2024-09-19 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එංගලන්තය සාර්ථක හඹා යෑමක
එංගලන්ත සංචාරය

එංගලන්තය සාර්ථක හඹා යෑමක

editorial - 2024 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මැන්චෙස්ටර් නුවර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (22 වැනිදා) තේ පානයෙන් මඳ වේලාවකට පසුව පන්දුවට පහර දෙමින් සිට එංගලන්ත කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 220 ක් ලබා ශ්‍රී ලංකාවට වඩා තවත් ලකුණු 15 ක් පසුපසින් සිටියේය. ඒ වන විට එංගලන්ත ඉනිමේ ඕවර 50 ක් නිමාවට පත්ව තිබිණ. 

පළමු දිනය වූ ඊයේ (21 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 22 ක් ලබා සිට එංගලන්ත පිතිකරුවෝ ඕවර 50 ක් නිමාවට පත්වන විට සිය පළමු ඉනිමට තවත් ලකුණු 198 ක් එක්කර ගත්හ. ඒ වන විට ජැමී ස්මිත් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 46 ක්ද, ක්‍රිස් වෝක්ස් හතරේ පහර 2 ක් සමග ලකුණු 17 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

එංගලන්ත ඉනිමේ බිඳවැටුණ කඩුලු 5 න් 3 කටම හිමිකම් කීමට අසිත ප්‍රනාන්දු සමත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ඔහු, ලකුණු 40 ක් තුළ ආරම්භක පිතිකරු බෙන් ඩකට් (18) සහ නායක ඔලී පෝප් (6) ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීය. ඉන් නොනැවතුණ අසිත, එංගලන්ත කණ්ඩායමේ අත්දැකීම් බහුලම පිතිකරුවා වන ජෝ රූට් දවාගත්තේ ඔහු ලකුණු 42 ක් ලබා සිටියදීය. 

අසිතට අනගි සහායක් දුන් විශ්ව ප්‍රනාන්දු සෙසු ආරම්භක පිතිකරුවා වූ ඩැනියෙල් ලෝරන්ස් පිටියෙන් ඉවත් කළේ කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ගේ සහායද ඇතිවය. එතැන් පටන් එංගලන්ත ඉනිමේ 5 වැනි කඩුල්ලට ලකුණු 62 ක් එක් කිරීමට හැරී බෘක් (56) සහ ජැමී ස්මිත් සමත් වූහ. එහෙත් බෘක්ගේ කඩුල්ල බිඳදැමූ ප්‍රභාත් ජයසූරිය එම සම්බන්ධතාවට තිත තැබුවේය. 

ක්‍රීඩාංගණයට පතිත වූ වර්ෂාව හේතුවෙන් දිවා ආහාරය තෙක්ම තරගයේ එක් පන්දුවක් හෝ යැවීමට නොහැකි වූ අතර මැන්චෙස්ටර් වේලාවේන් පෙරවරු 9.30 ට තරගය ආරම්භ වීමට නියමිතයව තිබුණද, වර්ෂාව හේතුවෙන් දෙවැනි දිනයේ තරග ආරම්භය ප්‍රමාද විය. 

වර්ෂාව නිමා වීමෙන් අනතුරුව මධ්‍යහන 12.00 ට පමණ විනිසුරුවන් ක්‍රිඩාංගණය නිරීක්ෂණය කළ අතර එහිදී තරගය පස්වරු 1.15 ට ආරම්භ කිරීමට ඔවුහු තීරණය කළහ. ඒ අනුව දිවා ආහාරයේ සිට තේ පානය සඳහා දක්වා පස්වරු 1.15 සිට 4.00 දක්වාද, තේ පානයෙන් පසුව දෙවැනි දිනයේ තරග නිමාව දක්වා පස්වරු 4.20 සිට 7.30 දක්වාද තරගය පැවැත්වීමට පියවර ගැනිණ.  

 

-036 


අදහස් (0)

එංගලන්තය සාර්ථක හඹා යෑමක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.