Last Update  :  2024-09-19 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එංගලන්තයට තවත් වේග පන්දු යවන්නන් දෙදෙනෙක්
එංගලන්ත සංචාරය

එංගලන්තයට තවත් වේග පන්දු යවන්නන් දෙදෙනෙක්

editorial - 2024 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු පාදයේ කලව මස්පිඬුවේ ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ඉතිරි තරග දෙකින්ම ඉවත් වීමට මාක් වුඞ්ට සිදුවී තිබේ. එම තරග දෙක සඳහා මාක් වුඞ් වෙනුවට ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත පිලේ ජොෂ් හල් එංගලන්ත සංචිතයට කැඳවා ඇත. ජොස් හල් ට අමතරව තවත් වේග පන්දු යවන්නකු වන ඔලී ස්ටෝන් ද එංගලන්ත සංචිතයට කැඳවා තිබේ. 

ඔවුන් දෙදෙනාගෙන් අඩි 6 අඟල් 7 ක් උස වමතින් වේග පන්දු යවන්නකු වන ජොස් හල් පැයට කිලෝ මීටර 90 ඉක්මවන වේගයකින් පන්දු යැවීමේ හැකියාව ඇත්තෙකි. පසුගිය වසරේදී පැවැති එක්දින තරගාවලියේ අවසන් තරගයේදීත් ජොස් හල් සුවිශේෂී දස්කම් දැක්වීය. 

තවමත් 20 හැවිරිදි ක්‍රීඩකයකු වන ජොස් හල්, පළමු පෙළ තරග 9 කදී කඩුලු 16 ක් දවාගෙන ඇතත් කඩුල්ලක් දවාගැනීම සඳහා වන සාමාන්‍යය ඇත්තේ ලකුණු 62.75 ක් තරම ඈතිනි. එහෙත් එංගලන්ත පිලේ වත්මන් පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම්ගේ න්‍යාය වන්නේ සුප්‍රසිද්ධ නම් තියෙන ක්‍රීඩකයන්ට වඩා දස්කම් ඇති ක්‍රීඩකයන් පිරිසක් තෝරා ගැනීමයි. එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ එකම පුහුණු තරගයේදී ලකුණු 74 කට කඩුලු 5 ක් දවාගත් ජොස් හල්, කඩුලු 7 ක ජයක් කරා යාමට එංගලන්ත ලයන්ස් කණ්ඩායමට මඟ පාදා දුන්නේය. 

එංගලන්ත කණ්ඩායමේ සිටි ප්‍රවීනතම වේග පන්දු යවන්නන් වූ ජේම්ස් ඇන්ඩසන් සහ ස්ටුවර්ට් බ්‍රෝඞ් දෙදෙනා විශ්‍රාම ගැනීමෙන් පසුව එංගලන්තය අලුත්ම තාලේ වේග පන්දු යවන්නන් හමුදාවක් සකස් කරමින් සිටී. ගස් ඇට්කින්සන් සහ මාක් වුඞ් දෙදෙනා එහි ඉදිරියෙන්ම සිටිති. ක්‍රිස් වෝක්ස් සහ බෙන් ස්ටෝක්ස් දෙදෙනාත් වේග පන්දු යවන්නන් වන නමුත් ඔවුන් දෙදෙනා ඇතුළත් වන්නේ  තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ  ලයිස්තුවටය. 
 
“එංගලන්ත ලයන්ස් පිල වෙනුවෙන් මා ක්‍රීඩා කළ ආකාරය ගැන සතුටුයි තමා. ඒ මේ තරම් ඉක්මනින් ජාතික කණ්ඩායමට එක්වීමට ලැබෙයි කියලා මම හිතුවේ නෑ” යයි ජොස් හල් බී.බී.සී. ගුවන් විදුලියට පවසා තිබිණ. 

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් තරගය මේ මස 29 වැනිදා ලෝඞ්ස් පිටියේදී ආරම්භ වෙයි. 


දෙවැනි සහ තුන්වැනි ටෙස්ට් තරග සඳහා එංගලන්ත සංචිතය
ඔලී පෝප් (නායකයා), බෙන් ඩකට්, ඩැනියෙල් ලෝරන්ස්, ජෝ රූට්, හැරී බෲක්, මැතිව් පොට්ස්, ජැමී ස්මිත්, ක්‍රිස් වෝක්ස්, ඔලී ස්ටෝන්, ෂොයිබ් බෂීර්, ගස් ඇට්කින්සන්, ජොෂ් හල් සහ ජෝර්ඞ්න් කොක්ස්

 


අදහස් (0)

එංගලන්තයට තවත් වේග පන්දු යවන්නන් දෙදෙනෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.