Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මැලේසියාවේදී පැවැත්වෙන බාලිකා ලෝක කුසලාන තරගාවලියේදී ඉතාමත් සාර්ථක ආරම්භයක් ලබාගත් ඕස්ට්‍රේලියානු බාලිකාවෝ, ස්කොට්ලන්තයට එරෙහිව අද (18 වැනිදා) පැවැති තරගයේදී කඩුලු 9 ක පහසු ජයක් අත්කර ගත්හ. රටවල් 16 ක් සහභාගි වන බාලිකා ලෝක කුසලාන තරගාවලියේදී තරග 6 ක් අද පැවැත්විණ.
ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නී, කොයිම් බැරී, එක ලකුණක් පමණක් දෙමින් කඩුලු 3 ක් දවාගත් අතර වමත් වේග පන්දු යවන්නී එලීනර් ලාරෝසා සහ පා දඟ පන්දු යවන්නී හස්රාත් ගිල් එක්ව කඩුලු 5 ක් බෙදා ගත්හ. ස්කොට්ලන්ත බාලිකාවන් ලකුණු 48 කට දැවී ගිය අතර ඕස්ට්‍රේලියානු බාලිකාවෝ ඕවර 6.4 කදී ඉලක්කය පසුකර ගියහ.
එංගලන්තය සහ අයර්ලන්තය අතර තරගයේදී සාර්ථක පිතිහරඹයක යෙදුණු එංගලන්ත බාලිකාවෝ ඕවර 20 කදී කඩුලු 7 ට ලකුණු 144 ක් ලබාගත්හ. අයර්ලන්ත ඉනිම ආරම්භයේදීම කඩුලු දෙකක් බිඳ වැටුණු නමුත් පසුව වර්ෂාව නිසා තරගය අතහැර දමන ලදි.
සැමෝවා සහ නයිජීරියාව අතර තරගයත්, පාකිස්තානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර තරගයත් වර්ෂාවට සේදී ගියේය.
ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර තරගය හෙට (19 වැනිදා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 8.00 ට පැවැත්වෙයි.
තරග ප්‍රතිඵල
■ ඕස්ට්‍රේලියානු බාලිකාවන් (49/1) විසින් ස්කොට්ලන්ත බාලිකාවන් (48) කඩුලු 9 කින් පරාජය කරන ලදි.
■ එංගලන්ත බාලිකාවන් (144/7) සහ අයර්ලන්ත බාලිකාවන් (28/2) අතර තරගය වර්ෂාව නිසා අතහැර දමන ලදි.
■ සැමෝවා බාලිකාවන් සහ නයිජීරියානු බාලිකාවන් අතර තරගය වර්ෂාව නිසා අතහැර දමන ලදි.
■ බංග්ලාදේශ බාලිකාවන් (53/5) විසින් නේපාල බාලිකාවන් (52) කඩුලු 5 කින් පරාජය කරන ලදි.
■ පාකිස්තානු බාලිකාවන් සහ ඇමරිකානු එක්සත් ජනපද බාලිකාවන් අතර තරගය වර්ෂාව නිසා අතහැර දමන ලදි.
■ දකුණු අප්‍රිකානු බාලිකාවන් (91/7) විසින් නවසීලන්ත බාලිකාවන් (69/5) පරාජය කරන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.