Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම ඊයේ (4 වැනිදා) සමත් විය. ඇන්ටිගුවාහි කූලිජ් ක්‍රීඩාංගණයේදී ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 2 ක ජයක් වාර්තා කරමින් ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම තෙවැනි ස්ථානයට හිමිකම් කීවේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 202 ක ඉලක්කයක හඹාගිය ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩකයෝ පන්දු 5 ක් ඉතිරිව තිබියදී කඩුලු 8 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. ආරම්භක පිතිකරු කැම්බල් කැලවේ (51) සහ නිවේතන් රාධක්‍රිෂ්ණන් (66) අර්ධ ශතක ලබමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමූහ.
ඇෆ්ඝනිස්තාන යොවුන් කණ්ඩායම වෙනුවෙන් වෙනුවෙන් නන්ගේයලියා ඛරෝටේ ලකුණු 35 කට කඩුලු 3 ක්ද, නූර් අහමඩ් සහ ශහිදුල්ලා හසානි කඩුලු 2 බැගින්ද දවාගත් නමුත් ඔවුන් කිසිවකුට ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහර කිරීමට නොහැකි වූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තාන යොවුන් කණ්ඩායමට ඕස්ට්‍රේලියානු යොවුන් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 49.2 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 201 ක් පමණි. එහිදී නිවේතන් රාධක්‍රිෂ්ණන් සහ විලියම් සේල්ස්මාන් කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ඇෆ්ඝනිස්තාන යොවුන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඉජාස් අහමඩ් පන්දු 79 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 81 ක් රැස්කළේය. නායක සුලිමාන් සාෆි පන්දු 70 කින් ලකුණු 38 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි. ආරම්භක පිතිකරු මොහොමඩ් ඉෂාක් පන්දු 60 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 34 ක් රැස්කළේය.
ඇෆ්ඝනිස්තාන යොවුන් පිල - ඕවර 49.2 කදී සියලු දෙනා දැවී 201
(මොහොමඩ් ඉෂාක් 34, සුලිමාන් සාෆි 37, ඉජාස් අහමඩ් 81, නිවේතන් රාධක්‍රිෂ්ණන් 31/3, විලියම් සේල්ස්මාන් 43/3, කූපර් කොනොලි 30/2)
ඕස්ට්‍රේලියානු යොවුන් පිල - ඕවර 49.1 කදී කඩුලු 8 ක් දැවී 202
(කැම්බල් කැලවේ 51, නිවේතන් රාධක්‍රිෂ්ණන් 66, නන්ගේයලියා ඛරෝටේ 35/3, නූර් අහමඩ් 43/2, ශහිදුල්ලා හසානි 44/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.