Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ඕස්ට්‍රේලියානු සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක ඩැනියෙල් සෑම්ස් ඇතුළත් කිරීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. සෑම්ස් සංචිතයට කැඳවා ඇත්තේ ඊට ඇතුළත්ව සිටි ට්‍රැවීස් හෙඩ්ගේ ආදේශකයා ලෙසනි.
තවමත් විස්සයි-20 ජා්‍යන්තර තරග 4 කට පමණක් ක්‍රීඩා කර ඇති සෑම්ස්, එහිදී ලකුණු 54 ක් රැස්කරමින් කඩුලු 4 ක් දවාගෙන ඇත. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග 4 කටද ඔහු ක්‍රීඩා කර තිබේ. විස්සයි-20 ජාත්‍යන්තර තරග 16 කට ක්‍රීඩා කර ඇති හෙඩ් එහිදී ලකුණු 319 ක් රැස්කරමින් කඩුල්ලක් දවාගැනීමට සමත්වී ඇත.
අවසන් වරට පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී අතිරේක ක්‍රීඩකයකු ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඇතුළත්ව සිටි සෑම්ස්, මෙවර බිග් බෑෂ් තරගාවලියේ තරග 15 කදී කඩුලු 19 ක් දවාගත්තේ ලකුණු 191 ක්ද රැසිකරමිනි. ඊට මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායමට එරෙහිව නොදැවී රැස්කළ ලකුණු 98 ක්ද ඇතුලත් වේ.
පාකිස්තානය සංචාරයට පෙර පැවැත්වෙන ෂෙෆීල්ඩ් පළිහ තරගාවලියේදී දකුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ක්‍රීඩා කිරීම හේතුවෙන් ට්‍රැවීස් හෙඩ්ට ශ්‍රී ලංකා තරගාවලියේ මුල් තරග කිහිපයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිවනු ඇත.
තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා - ඕස්ටේ්‍රලියා විස්සයි-20 තරගාවලිය මේ මස 11 වැනිදා ආරම්භ වන අතර එහි අවසන් තරග දෙක සඳහා සහභාගි වීමට ට්‍රැවීස් හෙඩ් බලාපොරොත්තුවෙන් සිටියි. කෙසේ වුවත් එහි අවසන් තීරණය ඕස්ටේ්‍රලියානු තේරීම් කමිටුව සතුවේ.
ශ්‍රී ලංකා තරගාවලියේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් දෙදෙනකු වන මිචෙල් මාර්ෂ් සහ ඩේවිඩ් වෝනර් විවේක ගන්වා ඇති අතර වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හෙසල්වුඩ් සහ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් මැක්ඩමෝට් යළිත් කණ්ඩායමට එක්ව සිටියි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.