Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ සෙසු තරග සඳහා ඇෆ්ඝනිස්ථාන තුන් ඉරියව් කී‍්‍රඩක කරීම් ජානට් සිය කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ හිමිකරුවෝ පියවර ගෙන ඇත. අද (17 වැනිදා) පස්වරුවේ ඔහු දිවයිනට පැමිණීමට නියමිතව සිටියේය.
කෙසේ වුවත් ඔහුට අද කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයට කී‍්‍රඩා කිරීමට අවස්ථාවක් හිමි නොවන බවත්, කොළඹ කණ්ඩායම එම තරගයෙන් ජය ලබා අවසන් වටයට පිවිසියහොත් සෙසු තරග සඳහා සහභාගි විය හැකි බවත් කණ්ඩායමේ කලමණාකරු සුරේෂ් ජයවර්ධන මහතා ‘ලංකාදීප’යට පැවසීය.
ජානට් කොළඹ කණ්ඩායමට ඇතුළත්ව ඇත්තේ මින් පෙර ඊට ඇතුළත්ව සිටි නැමීබියානු තුන් ඉරියව් කී‍්‍රඩක ඬේවිඞ් වීස් පෞද්ගලික හේතුවක් මත කණ්ඩායමෙන් ඉවත්ව ආපසු සිය රට බලා යෑම නිසාවෙනි. වීස්ගේ ඉවත්වීමෙන් පසුව කොළඹ කණ්ඩායමට තරග 6 ක්ම විදෙස් කී‍්‍රඩකයන් 5 දෙනෙකු සමග කී‍්‍රඩා කිරීමට සිදුවිය.
තවමත් 23 වැනි වියේ පසුවන ජානට් විස්සයි-20 තරග 62 කදී කඩුලූ 61 ක් දවාගනිමින් ලකුණු 1014 ක් රැස්කිරීමට සමත්ව ඇත. එහිදී ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍ය 26.95 ක අගයක් ගන්නා අතර ලකුණු රැුස්කිරීම් සාමාන්‍ය 26.68 ක් ලෙස සටහන් වේ.
ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ හිටපු නායක අස්ගර් ඇෆ්ගන්ගේ සොහොයුරා වන ජානට්, විස්සයි-20 ජාත්‍යන්තර තරග 32 කදී ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත. එහිදී කඩුලූ 30 ක් බිඳහෙළා ඇති ඔහු රැුස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 327 කි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.