Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රුවන් කල්පගේ මහතා එළඹෙන විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ඕමානයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයෙක් ලෙස කටයතු කිරීමට නියමිතව ඇත. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන දුලිප් මෙන්ඩිස් මහතා මේ වනවිට ඕමානයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි. මෙන්ඩිස් මහතාගේ සහය සඳහා කල්පගේ මහතා ඔක්තෝබර් 3 වැනිදා දිවයිනෙන් පිටත්ව යනු ඇත.
විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට පෙර ඔක්තෝබර් 7 වැනිදා සහ 9 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් විස්සයි20 තරග දෙකක් සඳහා ඕමාන කණ්ඩායම සහභාගි වීමට නියමිතය.
ජාත්‍යන්තර අත්දැකීම් බහුලව ඇති කල්පගේ මහතා මීට පෙර ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම්වල ද පුහුණුකරුවකු ලෙස කටයුතු කර තිබේ.
විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට එක්වන ඕමාන කණ්ඩායම එහිදී ‘බී’ කාණ්ඩය යටතේ බංග්ලාදේශය, පැපුවා නිව් ගිනියාව සහ ස්කොට්ලන්තයට එරෙහිව තරග කිරීමට නියමිතය.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඕමානයේ දී සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ඔක්තෝබර් 17 වැනිදා ආරම්භ වෙයි.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.