Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බර්මින්හැම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අළු බඳුන තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (18 වැනිදා) තේ පානය සඳහා ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි එංගලන්තය, සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 28 ක් ලබා ඕස්ට්‍රේලියාවට වඩා ලකුණු 35 ක් ඉදිරියෙන් සිටියේය.
ඒ වන විට ඔලී පෝප් සහ ජෝ රූට් කඩුල්ලේ රැදී සිටි අතර ඔවුන් දෙදෙනාම ලකුණු ලබාගැනීම ආරම්භ කර තිබුණේ නැත. ඕස්ට්‍රේලියානු ඉනිමේ පළමු කඩුල්ල ලෙස බෙන් ඩකට් (19) පිටියෙන් ඉවත් කිරීමට පැට් කමින්ස් සමත් වූ අතර සැක් ක්‍රොව්ලි දැවී ගියේ ස්කොට් බෝලන්ඩ්ගේ පන්දුවක් හමුවේය.
දෙවැනි දිනය වූ ඊයේ (17 වැනිදා) තරගය තරන කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 311 ක් ලබා සිටි ඕස්ටේ්‍රලියාවට, අද දිනයේදී ඉතිරි කඩුලු 5 ද අහිමි කරගනිමින් ලබාගත හැකි වූයේ ලකුණු 75 ක් පමණි. එහිදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 15 වැනි ශතකය ලබාගත් උස්මන් කවාජා (141) හයේ පහර 3 කින් සහ හතරේ පහර 14 කින් සිය ඉනිම සැරසුවේය.
ඇලෙක්ස් කේරි (66) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 118 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කවාජා සමත් වූ අතර කේරිගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් විය. නායක පැට් කමින් ලකුණු 38 ක් රැස්කලේ හයේ පහර 3 ක් සමගිනි. ඔලී රොබින්සන් සහ ස්ටුවට් බ්‍රෝඩ් කඩුලු 3 බැගින් බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
එංගලන්ත පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 398
(සැක් ක්‍රොව්ලි 61, ඔලී පෝප් 31, ජෝ රූට් නොදැවී 118, හැරී බෘක් 32, ජොනී බෙයාස්ටෝ 78, නේදන් ලයන් 149/4, ජොෂ් හෙසල්වුඩ් 61/3)
ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 386
(උස්මන් කවාජා 141, ට්‍රැවීස් හෙඩ් 50, කැමරන් ග්‍රීන් 38, ඇලෙක්ස් කේරි 66, පැට් කමින්ස් 38, ඔලී රොබ්න්සන් 55/3, ස්ටුවට් බ්‍රෝඩ් 68/3, මුයින් අලී 147/2)
එංගලන්ත දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 28
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.