Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කාන්තා කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක

කාන්තා කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක

editorial - 2022 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

සීමිත ඕවර තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන මාසයේදී පාකිස්තානයේ සංචාරය කිරීමට නියමිතය. එහිදී විස්සයි20 තරග 3 ක් සහ එක්දින තරග 3 ක් සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වනු ඇත.

තෙවැනි වරටත් පැවැත්වෙන (2022-25) අයි.සී.සී. කාන්තා ක්‍රිකට් ශූරතාවලියේ පළමු තරගාවලිය ලෙස තරග 3 කින් සමන්විත මෙම එක්දින තරගාවලිය පැවැත්වේ. එක්දින තරගාවලියේ සියලුම තරග මෙන්ම විස්සයි-20 තරගාවලියේ සියලුම තරගත් කරච්චි නුවරදී පැවැත්වේ.

2022 සිට 2025 දක්වා පැවැත්වෙන අයි.සී.සී. කාන්තා ක්‍රිකට් ශූරතාවලිය සඳහා මෙවර කණ්ඩායම් 10 ක් තරග වදිති. සෑම කණ්ඩායමක්ම ප්‍රතිවාදී කණ්ඩායමට එරෙහිව තරග 3 ක් බැගින් ක්‍රීඩා කරන අතර ලෝක ශූරතාවලියේදී කණ්ඩායමකට තරග 27 ක් හිමිවේ.  

මීළඟ එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හමුවේ පවතින අභියෝගයයි. ලබන වසරේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව දැනටමත් සුදුසුකම් ලබා සිටී.

මින් පෙර පැවැති අයි.සී.සී. කාන්තා ක්‍රිකට් ශූරතාවලිය සඳහා එක් නොවූ බංග්ලාදේශ සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම් පළමු වරට මෙවර තරගාවලියට එක්වේ.

 

තරග කාලසටහන
මැයි 24 - පළමු විස්සයි20 තරගය - කරච්චියේදී
මැයි 26 - දෙවැනි විස්සයි20 තරගය - කරච්චියේදී
මැයි 28 - තෙවැනි විස්සයි20 තරගය - කරච්චියේදී

ජුනි 01 - පළමු එක්දින තරගය - කරච්චියේදී
ජුනි 03 - දෙවැනි එක්දින තරගය - කරච්චියේදී
ජුනි 05 - තෙවැනි එක්දින තරගය - කරච්චියේදී

 

 

- 2079


අදහස් (0)

කාන්තා කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.