Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කාන්තා ටෙස්ට් තරගය හෙට

කාන්තා ටෙස්ට් තරගය හෙට

editorial - 2021 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාන්තා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් ආරම්භ කරමින් ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එකම ටෙස්ට් තරගය හෙට (16 වැනිදා) බ්‍රිස්ටල් නුවරදී ආරම්භ වෙයි. වසර තුනකට පසුව පැවැත්වෙන පළමු වන කාන්තා ටෙස්ට් තරගය මෙය වන අතර එය සිව්දින තරගයකි.

මිතාලි රාජ් මෙම තරගයේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවන අතර හීදර් නයිට් එංගලන්ත නායිකාව වන්නීය.

මිතාලි රාජ්ගේ අදහස වන්නේ වසර 144 ක් පුරා පැවත එන සාම්ප්‍රදායික ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව මෙන්, තමන්ගේ (ඉන්දීය) කණ්ඩායමටත් එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව සමග ද්විපාර්ශ්වික තරගාවලි වලට සහභාගි වීමේ අවස්ථාවත්, පසුව එය ලෝක ටෙස්ට් ශූරතාවලියක අවසන් මහ තරගය දක්වාත් යන්නක් විය යුතු බවයි.

“මා හිතන්නේ මෙම තරගයත්, මේ අවුරුද්ද අවසානයේදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන දිවා/රාත්‍රී ටෙස්ට් තරගයත් ඉදිරියේදී අවශ්‍ය තරගාවලීන් කිහිපයකටම අවශ්‍ය මාවත විවර කර දේවි... අද ඉන්න ඕනම ක්‍රිකට් ක්‍රීඩකයකුගෙන් අහලා බලන්න... ඔවුන් සියලු දෙනාම කැමති ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන්නයි”

“මා හිතන්නේ ඉදිරියේ එන කාලයේදී අපි ලෝක ශූරතාවලියකට යන එක තමා හොඳම දේ. අපි ඒ දේ බලාපොරොත්තුව ඉන්නවා” යයිද ඉන්දීය නායිකාව කීවාය.

කාන්තා ටෙස්ට් තරග අතරේ ඉන්දිය කණ්ඩායම අවසන් වරට පැවැති තරග තුනම ජයගෙන තිබේ. ඉන් දෙකක් එංගලන්ත පිලට එරෙහිවද අනෙක දකුණු අප්‍රිකානු පිලට එරෙහිවද ඉන්දීය ක්‍රීඩිකාවෝ ජයගත්හ. ඉදින් හෙට ඇරඹෙන තරගය ජයගතහොත් කාන්තා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී එක දිගට වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක් (4 ක්) ජයගනිමින් ඕස්ටේ්‍රලියානුවන් විසින් තබන ලද වාර්තාව  සම කිරීමටද ඉන්දීය කාන්තා කණ්ඩායමට හැකිවනු ඇත.

මේ අතර එංගලන්ත නායිකා හෙදර් නයිට් පවසන්නේ නවතම තණතීරුවක තරගය ආරම්භ කිරීමට ලැබුණා නම් වඩාත් හොඳ බවයි.

“මේ තණතීරුව ග්ලොස්ටර්ෂයර් කණ්ඩායමේ විස්සයි-20 තරගයක් සඳහා යොදාගෙන තිබෙනවා. මේක අලුත් තණතීරුවක් නෙමේ. මේක ඒ තරම් හොඳ නෑ....අලුත් තණතීරුවක් ලැබුණා නම් වඩාත් හොඳයි. ඒත් දැන් ඒකට කාලය මදි” යයිද එංගලන්ත නායිකාව කීවාය.

කෙසේ වෙතත් මෙම තරගය නැරඹීම සඳහා නැවතත් ක්‍රීඩා ලෝලීන්ට පැමිණීමට දී ඇති අවසරය සම්බන්ධයෙන් ඇය ප්‍රසාදයට පත්ව සිටින්නීය.

තමන්ගේ කණ්ඩායම සම්බන්ධයෙන් වැඩිදුර යමක් හෙළිදරව් කිරීමට අකමැති වූ එංගලන්ත නායිකාව කියා සිටියේ කණ්ඩයමේ කිසිම ක්‍රීඩිකාවක අබාධයන්ට ලක්ව නැති බවයි.

ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායිකා මිතාලි රාජ්

 

එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායිකා හීදර් නයිට්

 

- 2079

 


අදහස් (0)

කාන්තා ටෙස්ට් තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.