Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කුසල් - චන්දිමාල් - අවිශ්ක ආයෙත් එති
ඉන්දු - ශ්‍රී ලංකා තරගාවලිය

කුසල් - චන්දිමාල් - අවිශ්ක ආයෙත් එති

දමින්ද විජේසූරිය - 2024 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය)

නිමාවූ එල්.පී.එල් තරගාවලියේදී දස්කම් දැක්වූ දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා සහ චමිඳු වික්‍රමසිංහ ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය සඳහා කැඳවනු ලැබ සිටිති. එල්.පී.එල්. තරගාවලියේදී අවිශ්ක ප්‍රනාන්දු (374), කුසල් ජනිත් පෙරේරා (296), සහ දිනේෂ් චන්දිමාල් (287) පිත්තෙන් සාර්ථක දස්කම් දැක්වූ අතර ලකුණු 186 ක් ලබාගත් චමිඳු වික්‍රමසිංහ පන්දු යැවීමේදී කඩුලු 7 ක් දවාගත්තේ එකකට ලකුණු 21.14 ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. 

ලෝක කුසලාන තරගාවලියට ගිය ක්‍රීඩකයන් අතුරින් ඇන්ජලෝ මැතිව්ස්, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා සහ ඩිල්ෂාන් මධුශංකට ස්ථාන අහිමිවී තිබේ. 

ශ්‍රී ලංකාවේ 14 වැනි විස්සයි-20 නායකයා වශයෙන් චරිත් අසලංක පත්කර තිබේ. වනිඳු හසරංග නායකත්වයෙන් ඉල්ලා අස්වූ පසුව ශ්‍රී ලංකා නායකයාව පත්කිරීම නිල වශයෙන් නිවේදනය කර නැතත් ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය සඳහා කණ්ඩායම තෝරාගැනීමේදී එහි නායකයා වශයෙන් චරිත් අසලංක නම්කර ඇත. 

වනිඳු හසරංගට පනවන ලද තහනමක් හේතුවෙන් මේ වසර මුල බංග්ලාදේශයේදී පැවැති විස්සයි-20 තරගාවලියේ තරග දෙකකදීත් චරිත් අසලංක ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම මෙහෙයවා තිබේ. අසලංක නායකත්වය දැරූ තරග දෙකින් එකක් ජයගෙන අනෙක පරාජය වූවත්, බංග්ලාදේශයේදී පැවැති තුන්වැනි විස්සයි-20 තරගය ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 2-1 ක් ලෙසින් තරගාවලිය ජයගත්හ. 

ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය 
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්‍ෂණ, චමිඳු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, දුෂ්මන්ත චමීර සහ බිනුර ප්‍රනාන්දු

 


අදහස් (1)

කුසල් - චන්දිමාල් - අවිශ්ක ආයෙත් එති
  • Amul Wednesday, 24 July 2024 03:40 PM

    ධනංජය හරියන්නෙත් නෑ.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.