Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ බටහිර ඉන්දීය කොදෙව් පිල සහ නවසීලන්තය අතර ට්‍රිනිඩෑඩ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී ඊයේ (12 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 13 ක ජයක් වාර්තා කිරීමට කොදෙව්වෝ සමත් වූහ. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී කොදෙව්වන් පිට පිටම ලැබූ තෙවැනි ජය මෙය වූ අතර මෙම ජයත් සමග සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමටද ඔවුන්ට හැකි වූහ.
එහිදී ලැබූ පරාජය හේතුවෙන් නවසීලන්තය ‘සී’ කාණ්ඩයේ පතුළටම ඇද වැටුණු අතර මේ වන වට සහභාගි වූ තරග දෙකම පරාජයට පත්ව සිටින ඔවුන් ලබා සිටින ශුද්ධ ලකුණු වේගය -2.425 කි. ඒ අනුව ඔවුන්ට සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීම සදහා ඉතිරිව ඇති තරග දෙක ඉහළ ශුද්ධ ලකුණු වේගයක් රඳවාගනිමින් ජයගත යුතුය. එපමණක් නොව කොදෙව්වන් සහ පැපුවා නිව්ගිණියාව හමුවේ ඇෆ්ඝනිස්ථානය පරාජය වන තෙක්ද ඔවුන්ට බලා සිටීමට සිදුවනු ඇත.
ජයග්‍රහණය සඳහා ලකුණු 150 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්තයට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 136 ක් පමණි. බංග්ලාදේශ ඉනිම වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ග්ලේන් පිලිප්ස් පන්දු 33 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 40 ක් රැස්කළේය. ආරම්භක පිතිකරු ෆින් ඇලන් පන්දු 23 කින් ලකුණු 26 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ අල්සාරි ජෝෂප් සිය ඕවර 4 ලකුණු ලකුණු 19 කට සීමා කරමින් කඩුලු 4 ක් බිඳහෙළුවේ නවසීලන්ත ජයග්‍රාහී මාවත අවහිර කර දමමිනි. ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් ගුඩකේෂ් මෝති ලකුණු 25 කට කඩුලු 3 බැගින් බිඳහෙළීමට සමත් වූ අතර අකීල් හොසේන් සහ ඔන්ඩ්‍රි රසල් කඩුල්ල බැගින් බිඳහෙළිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණයට දායකත්වය දැක්වූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 149 ක් ලබාගත් අතර එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ශර්ෆේන් රදර්ෆර්ඩ් පන්දු 39 කින් නොදැවී ලකුණු 68 ක් රැස්කළේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. ගුඩකේෂ් මෝති (0) සමග එක්ව කොදෙව් ඉනිමේ අවසන් කඩුල්ලට පන්දු 13 කදී ලකුණු 37 ක් එක් කිරීමටද රදර්ෆර්ඩ් සමත් විය.
බ.ඉ. කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 149
(නිකලස් පූරන් 17, ශර්ෆේන් රදර්ෆර්ඩ් නොදැවී 68, අකීල් හොසේන් 15, ට්‍රෙන්ට් බෝල්ට් 16/3, ටිම් සවුති 21/2, ලොකී ෆර්ගසන් 27/2)
නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 9 කට 136
(ෆින් ඇලන් 26, ග්ලේන් පිලිප්ස් 40, මිචෙල් සෑන්ට්නර් නොදැවී 21, අල්සාරි ජෝෂප් 19/4, ගුඩකේෂ් මෝති 25/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.