Last Update  :  2025-04-02 12:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කොදෙව් පිලේ තවත් 5 කට කොරෝනා

කොදෙව් පිලේ තවත් 5 කට කොරෝනා

editorial - 2021 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයේ සංචාරයක නිරතව සිටින තවත් බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩකයන් 3 දෙනෙකුට සහ සහාය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාදනයවී ඇත. මෙම තත්ත්වය අනුව දෙරට අතර පැවැත්වෙමින් තිබෙන සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලිය ඉදිරියට ගෙනයෑමද ඉතා අවිනිශ්චිත මට්ටමක පවති.

සංචාරය දිගටම කරගෙන යා හැකිද යන්න තීරණය කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් සහ පකිස්ථාන ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් අද රැුස්වීමට නියමිතව ඇත.

ශායි හෝප්, අකීල් හුසේන් සහ ජස්ටින් ග‍්‍රීව්ස් යන ක‍්‍රීඩකයන් තිදෙනා මෙන්ම සහය පුහුණුකරු වන රොඞී එස්ට්වික් සහ කායික වෛද්‍ය අක්ෂායි මාන්සිං යන මහත්වරුන්ද කොදෙව් පිලේ කොරෝනා වයිරසය ආසාදනය වූ අලූත්ම සාමාජිකයන් 5 දෙනා අතරට අයත් වෙති. ඒ අනුව දින 10 ක් හෝ ඔවුන්ගේ පී.සී.ආර් පරීක්‍ෂණ වාර්තා ඍණාත්මක ප‍්‍රතිඵලයක් පෙන්වනතුරු ඔවුන්ට හුදකලාව රැඳී සිටීමට සිදුවනු ඇත.

මින් පෙර පාකිස්තාන සංචාරය සඳහා එක්වූ රොස්ටන් චේස්, කයිල් මේයර්ස් සහ ෂෙල්ඩන් කොට්ටෙ‍්‍රල්  දින පහකට පෙර වයිරසය ආසාදනයවී ස්වයං නිරෝධායනයට ලක්ව සිටිති. ඒ අනුව අද (16 වැනිදා) පැවැත්වීමට නියමිත තුන්වන විස්සයි20 තරගය සඳහා පිටියට පිවිසීමට ඉතුරුව ඇත්තේ ක‍්‍රීඩකයන් 11 දෙනෙකු පමණි.

ක‍්‍රීඩකයන් 18 දෙනාගෙන් 6 දෙනෙකුටම මේ වනවිට කොරෝනා වයිරසය ආසාදනයවී ඇති අතර පළමු තරඟයේදී ඩෙවෝන් තෝමස් ද ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් ඉවත් විය.

පළමු සහ දෙවැනි විස්සයි20 තරග පිළිවෙළින් ලකුණු 63 කින් සහ ලකුණු 9 කින් ජයගත් පාකිස්තානය තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

විස්සයි20 තරඟාවලියෙන් පසුව, දෙසැම්බර් 18 වැනිදා සිට ලෝක කුසලාන සුපර් ලීගයේ කොටසක් ලෙස එක්දින තරඟ තුනක් ක‍්‍රීඩා කිරීමට නියමිතය.

- 2079

 


අදහස් (0)

කොදෙව් පිලේ තවත් 5 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.