Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක සකීබ් අල් හසන්ට කොරෝනා වයිරසය වැළඳී ඇති බව වාර්තාවේ. ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව මැයි 15 වනදා ආරම්භ වන පළමු ටෙස්ට් සංචිතයෙන් ඔහුව ඉවත් කිරිමට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය කටයුතු කර ඇත. සංචිතයට එක්වීමට පෙර ඊයෙ (10 වැනිදා) සිදුකරන ලද ඇන්ටිජන් සහ පී.සී.ආර්. පරීක්‍ෂණ ධනාත්මකවී තිබේ.
බංග්ලාදේශ ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයන් පසුගිය සඳුදා චැටෝග්‍රෑම් හිදී පුහුණුවීම් ආරම්භ කළ අතර ඊට දින දෙකකට පසුව සකීබ් අද (11 වැනිදා) ටෙස්ට් සංචිතයට එක්වීමට නියමිතව තිබුණි. මේ වනවිට සකීබ් අල් හසන් ස්වයං නිරෝධායනයට ලක්කර ඇති අතර නිරෝධායන කාල සීමාව අවසන් වීමෙන් පසුව නැවතත් පී.සී.ආර් පරීක්‍ෂණයක් සිදුකරන බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය නිවේදනයක් නිකුත් කර ඇත.
සකීබ් අල් හසන් වෙනුවට වෙනත් ක්‍රීඩකයකු ආදේශ කර නොමැත. නමුත් ඔවුන් මුලින් ටෙස්ට් සංචිතය ප්‍රකාශයට පත් කිරීමෙන් ටික දිනකට පසු ආබාධයකට ලක් වූ මෙහෙඩි හසන් වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක මොසැඩෙක් හොසේන් තෝරා ගන්නා ලදී.
පසුගිය මාසයේ දකුණු අප්‍රිකා සංචාරයේදී උරහිසේ ආබාධයක් හේතුවෙන් සංචිතයට ඇතුළත් නොවූ මෙහෙඩි හසන් සහ ටස්කින් අහ්මඩ් නොමැතිවීම සත්කාරක කණ්ඩායමට විශාල පාඩුවක් වනු ඇත. ෂෝරිෆුල් ඉස්ලාම් ටෙස්ට් සංචිතයේ සිටින නමුත් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණදීමෙන් පසුව ඔහුගේ සහභාගීත්වය ස්ථීරව වනු ඇත.
දකුණු අප්‍රිකාවේදී පැවැති ටෙස්ට් තරග දෙකේ අවසන් ඉනිම දෙකේදී ලකුණු 53 කට සහ 80 කට සීමාවීමෙන් පසුව බංගලාදේශ මැදපෙළෙ ශක්තිමත් කිරීම සඳහා ෂකීබ්ගේ අත්දැකීම් අවශ්‍ය විය. සකීබ් සහභාගීත්වය නොමැති වීමත් සමගින් ඔහුගේ දක්ෂතාවට සමාන ක්‍රීඩකයන් දෙදෙනෙකු තෝරා ගැනීමට ඔවුන්ට සිදුවේ. ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලියට අයත් බැවින් මෙහිදී ඔවුන්ට වඩාත් හොඳන් දස්කම් දැක්වීමට සිදුවනු ඇත.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පාකිස්තානයට එරෙහිව එක් තරගයකට ක්‍රීඩා කිරීමෙන් පසු ෂකීබ්ට අහිමි වන පස්වැනි ටෙස්ට් තරගය මෙය වන්නේය. පුද්ගලික හේතූන් මත නවසීලන්ත තරඟාවලිය මඟ හැරුණු අතර පසුව ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පැවැති අසනීප තත්වයක් හේතුවෙන් දකුණු අප්‍රිකානු ටෙස්ට් තරඟාවලිය ඔහුට අහිමි විය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.