Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ලසිත් කෲස්පුල්ලේ (98) සහ රමේෂ් මෙන්ඩිස් (78) දෙදෙනා ලකුණු රැස්කිරීමේ වගකීම කරටගත් හෙයින්, පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) ආරම්භ වූ පළමු වැනි නිල නොවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ පිතිකරුවෝ දකුණු අප්‍රිකානු ඒ පිලට එරෙහිව ලකුණු 325 ක් ලබාගත්හ. දිනයේ නිමාව ආසන්නයේදී ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ අවසන් කඩුල්ල දැවී ගිය අතර එයින් පසුව තරගය නතර කරන ලදි.
සිව්දින, නිල නොවන ටෙස්ට් තරගයක් වන මෙම තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව සාධාරණ වන නමුත් වමතින් පා දඟ පන්දු යවන සෙනුරන් මුතුසාමි විශිෂ්ට දස්කම් දක්වමින් ලකුණු 122 කට කඩුලු 7 ක් දවාගත්තේය. ඔහුගේ පන්දු යැවීමේ අගය වැඩි වන්නේ එය පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී, තරගයේ පළමු දිනයේදීම කළ අගනා පන්දු යැවීමක් බැවිනි.
බලාපොරොත්තු වූ අකාරයට ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ මැද පෙළ සාර්ථක නොවුණ බැවින්, අද තේ පානය වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 217 ක් ලබා සිටියේය.
එහෙත් තේ පානයෙන් පසුව රමේෂ් මෙන්ඩිස් (78), ලසිත් ඇඹුල්දෙණිය (15) සහ මිලාන් රත්නායක (නොදැවී 23) එක්ව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 300 කඩයිමෙන් ඔබ්බට කැඳවාගෙන ගියහ. පළපුරුදු ටෙස්ට් ක්‍රීඩකයකු වන රමේෂ් මෙන්ඩිස් තමන්ගේ පිතිහරඹ හැකියාව මොනවට විදහා පාමින්, පන්දු 89 කින් ලකුණු 78 ක් ලබාගත්තේ හතරේ පහර 12 කින් සිය ඉනිම සරසමිනි.
දඟ පන්දු යවන්නන්ට එතරම් සහයක් නැති දකුණු අප්‍රිකාවේ තණතීරු මතදී පළමු පෙළ කඩුලු 216 ක් දවාගෙන සිටින මුතුසාමි, ටෙස්ට් තරග 3 කට ද සහභාගි වී ඇතත් ඒවායේදී දවාගෙන ඇත්තේ කඩුලු 2 ක් පමණකි. තේ පානයට පෙර ලකුණු 83 කට කඩුලු 4 ක් දවාගත් වමත් දඟ පන්දු යවන්නා, ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරු ලයිස්තුවේ ඉදිරි පෙළ හතර දෙනකුටම වගකීවේය. පසුව පැමිණ ඉනිමේ අවසන් පිතිකරුවන් තිදෙනාම දවාගත්තේය.
එක්දින තරගාවලියේදී අසාර්ථක වූ නමුත් එංගලන්ත ලයන්ස් පිල හමුවේ කළ පිතිහරඹය තවදුරටත් ක්‍රියාත්මක කළ ලසිත් කෲස්පුල්ලේ, දිවා ආහාරය වන විට නොදැවී ලකුණු 49 ක් ලබා සිටියේය. දිවා ආහාරයෙන් පසුව ශ්‍රී ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් ලකුණු රැස්කිරීමේ වගකීම තනිවම කරට ගත් ආරම්භක පිතිකරුවා, සිය ලකුණු 98 වෙනුවෙන් හතරේ පහර 11 ක් සහ හයේ පහර 4 ක් ඇතුළත් කර තිබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.