Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලකුණු 229 ක පහසු ඉලක්කයක් කරා ගිය ඉන්දියානුවෝ බංග්ලාදේශය කඩුලු 6 කින් පරාජය කරමින් ශූරයන්ගේ කුසලාන තරගාවලිය ආරම්භ කළහ. මෙම තරගය අද (20 වැනිදා) ඩුබායිහිදී පැවැත්විණ. ඉන්දීය කණ්ඩායම පාකිස්තානයට නොයන බැවින් මෙම තරගය ඩුබායි නුවර අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
ෂුබ්මන් ගිල් ලබාගත් අලංකාර ශතකය නිසා ඉන්දියානුවෝ පහසුවෙන්ම ඉලක්කය කරා අවතීර්ණ වූවත් ඔව්හු ඒ වෙනුවෙන් ඕවර 46.3 ක් වැය කළහ. නායක රෝහිත් ෂර්මා (41) සහ ෂුබ්මන් ගිල් එක්ව ඕවර 10 ක් ඇතුළත ලකුණු 69 ක් එක්කළහ. රෝහිත් දැවී යාමෙන් පසුව කණ්ඩායමේ බර කරට ගත් ආරම්භක පිතිකරුවා තරගයේ අවසන් පන්දුව දක්වාම පිටියේ රැඳී සිටියේය.
ලෝකයේ අංක 1 හිමි එක්දින පිතිකරුවා වන ෂුබ්මන් ගිල්, පන්දු 129 කට මුහුණ දෙමින් ඒවායින් 9 ක් හතරේ සීමාවට යැවීය. තවත් හයේ පහර දෙකක් ගිල්ගේ ඉනිමට ඇතුළත් විය. ලකුණු 11 ක් ඇතුළත ශ්‍රෙයාස් අයියර් සහ අක්ෂර් පතෙල් දැවී ගියත් ෂුබ්මන් ගිල් ට එක්වූ ලෝකේෂ් රාහුල් කණ්ඩායම ජයග්‍රහණය කරන තුරුම සිය කඩුලු ආරක්‍ෂා කරගත්හ.
ලකුණු 35 කට කඩුලු 5 ක් අහිමි කරගත් නමුත් තව්හීද් රිදෝයි (100) සහ ජකාර් අලී (68) එක්ව කළ අති විශිෂ්ට පිතිහරඹය නිසා බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 228 ක් ලබාගත්තේය.
ඉන්දීය නායක රෝහිත් ෂර්මාගේ අතින් ගිළිහී ගිය උඩපන්දුවෙන් වාසනාව ළඟා කරගත් ජකාර් අලී සහ රිදෝයි එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 154 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා බංග්ලාදේශ කණ්ඩායම කැඳවාගෙන ගියහ.
කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය පළමුවෙන් පිතිහරඹය තෝරාගත්තද, මොහොමඩ් ශාමි (53/5) සහ හර්ෂිත් රානා (31/3) එක්ව ලකුණු 26 ක් තුළ කඩුලු 3 ක් බිඳ හෙළුෑහ.
අක්ෂර් පතෙල් පැමිණ යැවූ පළමු ඕවරයේදීම පිට පිට පන්දු දෙකකින් කඩුලු දෙකක් දවාගත්තේය. එහෙත් පළමු ස්ලිප් හි සිටි රෝහිත් ෂර්මා ඉතාමත් පහසු උඩපන්දුවක් අතහැරීම නිසා අක්ෂර්ට කඩුලු ත්‍රිත්වය අහිමි විය. එම උඩපන්දුව රැකගත්තා නම් ජකාර් අලී ලකුණු නොලබා දැවී යන අතර ලකුණු 35 ක් ඇතුළත හය වැනි කඩුල්ලත් බංග්ලාදේශයට අහිමි වන්නට තිබිණ.
එතැන් සිට පසුපස නොබැලූ රිදෝයි සහ ජකාර් අලී අතර සම්බන්ධතාව බිඳවැටෙන විට මුලු ලකුණු සංඛ්‍යාව 189 ක් විය.
පසුපෙළ පිතිකරුවන් නොවූ හෙයින් 40 වැනි ඕවරය දක්වා තරමක් පරෙස්සමෙන් පන්දුවට පහර දුන් රිදෝයි සහ ජකාර් දොදෙනා එතැන් සිට අත දිගහැර ලකුණු ලබාගන්නට වූහ. ලකුණු 189 දී ජකාර් අලී දැවී ගියත් රිෂාඩ් හොසේන් සමගින් එක්වූ තව්හීද් රිදෝයි ලකුණු 200 කඩඉමෙන් ඔබ්බට බංග්ලාදේශ පිල කැඳවාගෙන ගියේය.
අවසන් ඕවරයේදී දැවී ගිය තව්හීද් රිදෝයි, පන්දු 118 කට මුහුණ දෙමින් හතරේ පහර 6 කින් සහ හයේ පහර දෙකකින් සිය ඉනිම සරසද්දී ජකාර් අලී සහාය නළුවාගේ භූමිකාව බාරගත්තේය.
බංග්ලාදේශය - ඕවර 49.4 කදී සියලු දෙනා දැවී 228 යි
(ටැන්සිඩ් හසන් 25, තව්හීද් රිදෝයි 100, ජකාර් අලී 68, රිෂාඩ් හොසේන් 18, මොහොමඩ් ශාමි 53/5, හර්ෂිත් රානා 31/3, අක්ෂර් පතෙල් 43/2)
ඉන්දියාව - ඕවර 46.3 කදී කඩුලු 4 ට 231 යි
(රෝහිත් ෂර්මා 41, ෂුබ්මන් ගිල් නොදැවී 101, විරාට් කෝලි 22, ශ්‍රෙයාස් අයියර් 15, ලෝකේෂ් රාහුල් නොදැවී 41, රිෂාඩ් හොසේන් 38/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.