Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ජේ ෂා වැඩ අරඹයි

ජේ ෂා වැඩ අරඹයි

editorial - 2024 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නව සභාපතිවරයා ලෙස වසර 2 ක කාල සීමාවක් සඳහා ඉන්දීය ජාතික ජේ ෂා මහතා අද (1 වැනිදා) සිය ධූරයේ වැඩ භාරගත්තේය. ඒ අනුව ඔහු 2026 වසර අවසානය දක්වා එම ධූරයේ කටයුතු කිරිමට නියමිතය. 

නව සභාපතිවරයා ලෙස වැඩ භාර ගනිමින් ෂා මහතා කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය ප්‍රවේශය වර්ධනය කරමින් එළබෙන 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීම කෙරෙහි තමා වැඩි අවදානයක් යොමුකරන බවය. ඒ සඳහා අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ සාමාජිකයන් සමග සහයෝගයෙන් කටයුතු කරන බවට එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. 

2009 වසරේදී ගුජරාට් ප්‍රාන්ත ක්‍රිකට් සංගමය ඔස්සේ ක්‍රිකට් පරිපාලනයට පැමිණි ෂා මහතා, 2019 වසරේදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලාබාලතම මහ ලේකම් වරයා ලෙස තේරී පත් විය. එතැන් පටන් අයි.පී.එල්. තරගාවලියෙන් ඉහළ ලාභයක් ඉපයීම, කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලිය හඳුන්වාදීම සහ ටෙස්ට් ක්‍රිකට් දිරි දීමනා ක්‍රමයක් හඳුන්වාදීම වැනි කාර්යයන් වලට ඔහු මූලිකත්වය ගෙන ක්‍රියා කළේය.  

අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ ලාබාලතම සභාපතිවරයා ලෙස පත්වීමට පෙර ජේ ෂා මහතා, ආසියානු ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ලෙසත්, අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ මූල්‍ය හා වානිජ කමිටුවේ සභාපතිවරයා ලෙසත් කැපී පෙනෙන කාර්ය භාර්යයක් ඉටු කර ඇත. 

“අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ සභාපතිවරයා බවට පත්වීම සම්බන්ධයෙන් මම මහත් සතුටට පත් වෙනවා. මෙම වැදගත් භූමිකාව භාර දීම සඳහා මා කෙරෙහි තැබූ විශ්වාසය සහ ඒ වෙනුවෙන් මා හට දක්වන සහයෝගය වෙනුවෙන් මම අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ අධ්‍යක්ෂවරුන්ට සහ සාමාජික මණ්ඩලයට බෙහෙවින්ම ස්තූති වන්ත වෙනවා.” යැයි නව සභාපතිවරයා පැවසීය. 

“2028 ඔලිම්පික් උලෙළ දක්වා යන ගමනේදී ක්‍රිකට් ක්‍රීඩාව පෙර තිබූ මට්ටමට වඩා ජනප්‍රිය කිරීමට කිරීමටත්, සියලුම ආකෘතිවල සහ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය වේගවත් කිරීමටත් පියවර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ග්‍රෙග් බාර්ක්ලේ විසින් පසුගිය වසර හතර තුළ අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ සභාපතිවරයා ලෙස ක්‍රීඩාවට ඉටු කළ සේවය වෙනුවෙන් ඔහුට මාගේ ස්තුතිය පුදකර සිටිනවා.” යැයිද ෂා මහතා කියා සිටියේය. 

-036 


අදහස් (0)

ජේ ෂා වැඩ අරඹයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.