Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඩිවිලියර්ස් ලෝකෙට ලොක්කාගේ වාර්තාව බිඳී

ඩිවිලියර්ස් ලෝකෙට ලොක්කාගේ වාර්තාව බිඳී

editorial - 2020 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


 

අයි.පී.එල් දිවියේ 22 වැනි තරගයේ වීරයා සම්මානය සඳුදා (12 වැනිදා) දිනාගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලේ පිතිකරු ඒ.බී ඩිවිලියර්ස් අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම තරගයේ වීරයා සම්මාන හිමිකරගත් ක්‍රීඩකයා බවට පත්විය. කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව සඳුදා පැවැති තරගයේදී පන්දු 33 කදී නොදැවී ලකුණු 73 ක් ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානය දිනාගැනීමට ඩිවිලියර්ස් සමත්විය.

මෙවර අයි.පී.එල්. තරගාවලියේදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවන දකුණු අප්‍රිකානු පිලේ හිටපු නායකයා ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් සමුගෙන සිටියද ඔහුගේ ප්‍රවේගකාරී පිතිහරඹය තවමත් නොනැසී පවතින බව තවත් වරක් ඔප්පු කළේය.

කිංග්ස් XI පන්ජාබ් පිලේ ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් සතුව තිබූ වැඩිම තරගයේ වීරයා සම්මාන සංඛ්‍යාව ඒ.බී. ඩිවිලියර්ස් විසින් මේ වන විට සමකර තිබේ. ක්‍රිස් ගේල් තමන්වම හඳුන්වාගන්නේ ‘ලෝකෙට ලොක්කා’ වශයෙනි.

ලකුණු 94 කට කඩුලු 2 ක් බිඳ වැටී තිබියදී තෙවැනි කඩුල්ල සඳහා නායක විරාට් කෝලි සමගින් එක්ව පන්දු 46 කදී ලකුණු 100 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් බැංගලෝර් පිලෙ ලකුණු මට්ටම ඉහළ දැමීමට ඩිවිලියර්ස් සමත්විය.

“අන්තිම තරඟයේදී ලකුණු නොලබාම දැවී ගියා. ඒක භයානක හැඟීමක්. ලකුණු නොලබා දැවීයාම පිතිකරුවන්ට නිදි නැති රාත්‍රියක් ලබා දිය හැකියි” යැයි තරගය අවසානයේ ඩිවිලියර්ස් පැවසීය.


අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම තරගයේ වීරයා සම්මාන ලබාගත් ක්‍රීඩකයෝ

ඒ.බී.ඩිවිලියර්ස් - 22
ක්‍රිස් ගේල් - 21
රෝහිත් ෂර්මා - 18
ඩේවිඩ් වෝනර් - 17
එස්.එස්.දෝනි - 17
ෂේන් වොට්සන් - 16

 

- 2079


අදහස් (1)

ඩිවිලියර්ස් ලෝකෙට ලොක්කාගේ වාර්තාව බිඳී
  • nalin Wednesday, 14 October 2020 02:26 AM

    ක්‍රිස් ගේල් ඔහුව හඳුන්වන්නේ යුනිවර්ස් බොස් නමින්... ඒ කියන්නේ විශ්වයට ලොක්කා යන නමින්... ලොකෙට ලොක්කා නෙමෙයි..

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.