Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇෆ්ඝනිස්ථානයේ අවසන් කඩුලු 5 ම ඕවර 8 කදී දවාගත් බංග්ලාදේශ පන්දු යවන්නෝ, මීර්පූර් නුවරදී පැවැති එකම ටෙස්ට් තරගයේදී ඇෆ්ඝනිස්ථානය පරාජය කරමින් ලකුණු 546 ක දැවැන්ත ජයක් වාර්තා කළේය. ලකුණු 662 ක ඉලක්කයක් කරා ගිය ඇෆ්ඝනිස්ථානු කණ්ඩායම සිය දෙවැනි ඉනිමේදී ලකුණු 115 කට දැවී ගියේය.
මෙම ජයග්‍රහණය ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තුන්වැනි විශාලතම දිනුම ලෙසින් වාර්තා වේ. ජයග්‍රහණය කළ ලකුණු සංඛ්‍යාව අනුව මීට වඩා විශාල ජයග්‍රහණ ලබා ඇත්තේ එංගලන්තය (1928 දී ලකුණු 675 කින් ඕස්ටේ්‍රලියාව පරාජය කරන ලදි) සහ ඕස්ටේ්‍රලියාව (1934 දී ලකුණු 562 කින් එංගලන්තය පරාජය කරන ලදි) විසින් පමණි.
තරගයේ සිව්වැනි දිනය වූ අද (17 වැනිදා) පෙරවරුවේද ඇෆ්ඝනිස්ථානුවන් කඩුලු 5 කට ලකුණු 91 ක් ලබා සිටි නමුත් එතැන් සිට ඕවර 8 ක් ඇතුළතදී ඉතිරි කඩුලු 5 ම බිඳ වැටුණේය. අද පෙරවරුවේදී ටස්කින් අහමඩ් (37/4) සහ ෂොරිෆුල් ඉස්ලාම් (28/3) දෙදෙනා එක්ව ඇෆ්ඝනිස්තානුවන් අන්ද මන්ද කළ පන්දු යැවීමක නිරත වූහ.
බංග්ලාදේශය - පළමු ඉනිම 382 යි
ඇෆ්ඝනිස්ථානය - පළමු ඉනිම 146 යි
බංග්ලාදේශය - දෙවැනි ඉනිම කඩුලු 4 ට 425 යි
(මහමුදුල් හසන් ජෝයි 17, සකීර් හසන් 71, නජ්මුල් හොසේන් ශන්ටෝ 124, මොමිනුල් හක් නොදැවී 121, ලිටන් දාස් නොදැවී 66, සහීර් ඛාන් 112/2)
ඇෆ්ඝනිස්ථානය - දෙවැනි ඉනිම 115
(රහමත් ෂා 30, හෂ්මතුල්ලා ශහිදි 13, කරීම් ජනාත් 18, ෂොරිෆුල් ඉස්ලාම් 28/3, ටස්කින් අහමඩ් 37/4)
- 213
Saroja Monday, 19 June 2023 04:25 PM
බන්ගලාදේශේ....
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.