Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International තෙදින තරගය ජය පැරදුමෙන් තොරයි

තෙදින තරගය ජය පැරදුමෙන් තොරයි

editorial - 2024 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා වයස 17 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ වයස 17 න් පහළ කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තෙදින තරගය ඊයේ (3 වැනිදා) ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 351 ක ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශ වයස 17 න් පහළ කණ්ඩායම තරගය අවසන් වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 51 ක් ලබා සිටියේය. 

දෙවැනි දිනය වූ පෙරේදා (2 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කඩුලු 9 ක් දැවී ලකුණු 233 ක් ලබා සිටි බංග්ලාදේශ වයස 17 න් පහළ කණ්ඩායමට ඊයේ දිනයේදී ලබාගත හැකි වූයේ ලකුණු 19 ක් පමණි. එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූ රසිත් නිම්සර ලකුණු 55 කට කඩුලු 4 ක් බිඳහෙළුෑ අතර අභීත් පරණවිතාන ලකුණු 48 කට කඩුලු 2 ක් දවාගත්තේය.   

ලකුණු 33 ක වාසියක් සමග දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා වයස 17 න් පහළ කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 317 ක් ලබාගැනීමෙන් අනතුරුව සිය ඉනිම අත්හිටුවා බංග්ලාදේශ වයස 17 න් පහළ කණ්ඩායමට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමට ආරාධනා කළේය. එහිදී විශිෂ්ඨ පිතිහරභයක නිරත වූ කිත්ම විදානපතිරණ පන්දු 132 කින් ලකුණු 164 ක් රැස්කළේ හයේ පහර 9 ක් සහ හතරේ පහර 11 ක් සමගිනි. 

සෙනුජ වෙකුණගොඩ (80) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 113 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කිත්ම, ඉන් නොනැවතී ජොෂුවා සෙබස්තියන් (17) සමග එක්ව පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 88 ක්ද, ගිම්හාන රසාංජන (නොදැවී 26) සමග එක්ව 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 70 ක්ද එක්කරමින් ශ්‍රී ලංකා වයස 17 න් පහළ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. 


ශ්‍රී ලංකා 17 න් පහළ පිල - පළමු ඉනිම කඩුලු 8 ක් දැවී 285 
(සෙනුජ වෙකුණගොඩ 37, ජේසන් ප්‍රනාන්දු 98, ජොෂුවා සෙබස්තියන් 53, ගිම්හාන රසාංජන 51, අසනුල් හක් 32/2, ඉෂ්මාම් චෞද්‍රි 60/2) 

බංග්ලාදේශ 17 න් පහළ පිල - පළමු ඉනිම සියලු දෙනා දැවී 252 
(රිඩෝයි හොසේන් 37, අඩි්‍රටෝ ඝෝෂ් නොදැවී 133, අබ්දුර් රහීම් 28, රසිත් නිම්සර 55/4, අභීත් පරණවිතාන 48/2) 

ශ්‍රී ලංකා 17 න් පහළ පිල - දෙවැනි ඉනිම කඩුලු 7 ක් දැවී 317 
(රෙහාන් පීරිස් 24, සෙනුජ වෙකුණගොඩ 80, කිත්ම විදානපතිරණ 164, ජොෂුවා සෙබස්තියන් 17, ගිම්හාන රසාංජන නොදැවී 26, රහමන් ආකාෂ් 81/3, අසනුල්ලා හක් 57/2)
 
බංග්ලාදේශ 17 න් පහළ පිල - දෙවැනි ඉනිම කඩුලු 4 ක් දැවී 51
(රිඩෝයි හොසේන් නොදැවී 25) 

කිත්ම විදානපතිරණ...


අදහස් (0)

තෙදින තරගය ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.