Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
වසර කිහිපයක් පුරා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්‍යවශ්‍යව තිබූ සාධකයක් සම්පූර්ණ කරමින් දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායම ජූලි මස 01 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. ‘ඒ’ කණ්ඩායමක් මේ වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන දෙවැනි අවස්ථාව මෙයයි.
සංචාරක කණ්ඩායම ශ්‍රී ලංකාවේදී එක්දින සීමිත ඕවර තරග 3 කට සහ සිව්දින තරග දෙකකට සහභාගි වෙයි.
එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) කණ්ඩායම පසුගිය පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර එය ඉතාමත් සාර්ථක තරගාවලියක් විය. එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව පැවැති තරගාවලියේදී නිශාන් මධුෂ්ක, ලසිත් කෲස්පුල්ලේ, සහන් ආරච්චිගේ සහ දුෂාන් හේමන්ත වැනි ක්‍රීඩකයන් තමන්ගේ හැකියාවන් තහවුරු කරමින් ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරමින් සිටිති. එංගලන්ත ‘ඒ’ පිල හමුවේ ගාල්ලේදී ද්විත්ව ශතකයක් සහ ශතකයක් ලබාගත් නිශාන් මධුෂ්ක සිය තුන්වැනි ටෙස්ට් තරගයේදීම ද්විත්ව ශතකයක් ලබාගත්තේය.
දකුණු අප්‍රිකානු ‘ඒ’ පිලට එරෙහි තරගාවලියේ එක්දින තරග තුනම පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර සිව්දින තරග දෙක රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
තරග කාලසටහන
ජූනි 4 : පළමු එක්දින තරගය පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
ජූනි 6 : දෙවැනි එක්දින තරගය පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
ජූනි 8 : තුන්වැනි එක්දින තරගය පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
ජූනි 12-15 : පළමු වැනි සිව්දින තරගය රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී
ජූනි 19-22 : දෙවැනි සිව්දින තරගය රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.