Last Update  :  2024-09-19 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දකුණු අප්‍රිකානුවෝ ඇමරිකාව පරදවති
විස්සයි-20 ලෝක කුසලාන

දකුණු අප්‍රිකානුවෝ ඇමරිකාව පරදවති

දමින්ද විජේසූරිය - 2024 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)   
 
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිර 8‍ දෙනාගේ වටය යටතේ දකුණු අප්‍රිකාව සහ ඇමරිකා එක්සත් ජනපදය ඇන්ටීගාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී ‍ඊයේ (19 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 18 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. මෙවර තරගාවලියේදී දකුණු අප්‍රිකාව පිට පිටම ලැබූ 5 වැනි ජය මෙය වූ අතර මෙම ජයත් සමග තවදුරටත් සිය අපරාජිත බව රැකගැනීමටද ඔවුහු සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 195 ක ඉලක්කයක් හඹාගිය ඇමරිකාවට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 176 ක් පමණි. ඇමරිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ඇන්ඩ්‍රියස් ගූස් පන්දු 47 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 80 ක් රැස්කළද ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. හර්මීට් සිං පන්දු 22 කින් ලකුණු 38 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.  

දක්ෂ පන්දු යැවීමක නිරත වූ කගිසෝ රබාඩා සිය ඕවර 4 ලකුණු 18 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත්තේ ඇමරිකාවේ ජයග්‍රාහී මාවත අවහිර කර දමමිනි. ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් කේෂව් මහරාජ්, ඇන්රික් නොකියා සහ තබ්‍රේස් ශම්ෂි එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ඕවර 20 අවසන් වන විට කඩුලු 4 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 194 ක් පමණි. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’ කොක් පන්දු 40 කදී හයේ පහර 5 ක් සහ හතරෙ පහර 7 ක් සමග ලකුණු 74 ක් රැස්කළේය.

නායක ඒඩ්න් මාක්‍රම් පන්දු 32 කදී හයේ පහරක සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 46 ක්ද, හෙන්රිච් ක්ලාසන් පන්දු 22 කදී හයේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 36 ක්ද, ට්‍රිස්ටන් ස්ටබ්ස් පන්දු 16 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 20 ක්ද රැස්කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩයමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාව ආසන්නයටම ගෙන ආහ.

 

දකුණු අප්‍රිකාව - ඕවර 20 කදී කඩුලු 4 කට 194
(ක්වින්ටින් ඩි’කොක් 74, ඒඩ්න් මාක්‍රම් 46, හෙන්රිච් ක්ලාසනන් නොදැවී 36, ට්‍රිස්ටන් ස්ටබ්ස් නොදැවී 20, සෞරබ් නේත්‍රවල්කාර් 21/2, හර්මීට් සිං 24/2)

ඇමරිකාව - ඕවර 20 කදී කඩුලු 6 කට 176
(ස්ටීවන් ටේලර් 24, ඇන්ඩ්‍රියස් ගූස් නොදැවි 80, හර්මීට් සිං 38, කගිසෝ රබාඩා 18/3)


අදහස් (0)

දකුණු අප්‍රිකානුවෝ ඇමරිකාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.