Last Update  :  2024-09-19 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දකුණු අප්‍රිකානුවෝ ලකුණු 7 ක තියුණු ජයක් ලබති
විස්සයි-20 ලෝක කුසලාන

දකුණු අප්‍රිකානුවෝ ලකුණු 7 ක තියුණු ජයක් ලබති

දමින්ද විජේසූරිය - 2024 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)   

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය යටතේ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර ශාන්ත ලුසියා දූපතේ ග්‍රොස් අයිලට්හි ඩැරන් සැමී ජාතික ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) පැවැති තරගයෙන්  ලකුණු 7 ක තියුණු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. මෙවර තරගාවලියේදී දකුණු අප්‍රිකාව පිට පිටම ලැබූ 6 වැනි ජය මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 164 ක ඉලක්කයක් හඹාගිය එංගලන්තයට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 156 ක් පමණි. ඇන්රික් නොකියා යැවූ අවසන් ඕවරයේදී ජයග්‍රහණය සඳහා එංගලන්තයට ලකුණු 14 ක් අවශ්‍ය වූ නමුත් කඩුල්ලක්ද අහිමිකර ගනිමින් එහිදී ඔවුන්ට ලබාගත හැකි වූයේ ලකුණු 6 ක් පමණි. 

එංගලන්තය ජයග්‍රහණය කරා ගෙන යෑමේ දැඩි  උත්සහයක නිරත වූ හැරී බෘක් පන්දු 37 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 53 ක් රැස්කළ නමුත් අවසන් ඕවරයේ පළමු පන්දුවේදී දැවී යෑම හේතුවෙන් ඔහුගේ උත්සහය අසාර්ථක විය. ලයෑම් ලිවිංග්ස්ටන් පන්දු 17 කින් ලකුණු 33 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව  ඕවර 20 අවසන් වන විට කඩුලු 6 ක් දැවී ලකුණු 163 ක් ලබාගත් අතර පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 59 කදී ලකුණු 86 ක සම්බන්ධතාවක් අගනා ගොඩනැගූ ක්වින්ටින් ඩි'කොක් (65) සහ රීසා හෙන්ඩ්‍රික්ස් (19) සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.

එහිදී පන්දු 38 කට මුහුණදුන් ඩි'කොක් හයේ පහර 4 කින් සහ හතරේ පහර 4 කින් සිය අර්ධ ශතකය සැරසුවේය. ⁣වේගවත් පිතිහරඹයක නිරත වූ ඩේවිඩ් මිලර් පන්දු 28 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 43 ක් රැස්කරමින් දකුණු අප්‍රිකානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

දකුණු අප්‍රිකාව - ඕවර 20 කදී කඩුලු 6 කට 163
(රීසා හෙන්ඩ්‍රික්ස් 19, ක්වින්ටින් ඩි'කොක් 65, ඩේවිඩ් මිලර් 43, ජොෆ්රා ආචර් 40/3)

එංගලන්තය - ඕවර 20 කදී කඩුලු 6 කට 156
(ජොස් බට්ලර් 17, ජොනී බෙයාස්ටෝ 16, හැරී බෘක් 53, ලයෑම් ලිවිංග්ස්ටන් 33, කේෂව් මහරාජ් 25/2, කගිසෝ රබාඩා 32/2)  


අදහස් (0)

දකුණු අප්‍රිකානුවෝ ලකුණු 7 ක තියුණු ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.