Last Update  :  2024-09-19 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට
වි-20 ලෝක කුසලාන 2024

දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට

editorial - 2024 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)   

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය යටතේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඇන්ටීගාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පෙරේදා (23 වැනිදා) පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. ඔවුන් මෙම තරගාවලියේදී පිට පිටම ලැබූ 7 වැනි ජය මෙය වූ අතර මෙම ජයත් සමග දෙවැනි කාණ්ඩයේ ශූරයන් ලෙස ඔවුන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමටද හැකි විය.

වර්ෂාව හේතුවෙන් දකුණු අප්‍රිකානු ඉනිම ඕවර 17 කට සීමා වූ අතර එහිදී ඔවුන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 123 ක ඉලක්කයක් හිමිවිය. කඩුලු 7 ක් දැවී අවසන් ඕවරයේ පළමු පන්දුවේදී ඉලක්කය පසුකර ගිය දකුණු අප්‍රිකානුවෝ අපරාජිත බව රැකගනිමින් අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ. එහිදී ලැබූ පරාජය හමුවේ කොදෙව්වන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවසන් අවස්ථාවත් අහිමිවී ගියේය.

පන්දු 14 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 21 ක් රැස්කළ මාකෝ ජැන්සන් දකුණු අප්‍රිකාවේ ජයග්‍රහණය තහවුරු කළේය. ට්‍රිස්ටන් ස්ටබ්ස් පන්දු 27 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 29 ක්ද, හෙන්රිච් ක්ලාසන් පන්දු 10 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 22 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය කරා ගෙන යෑම සඳහා දායකත්වය දැක්වූහ.

අවසන් මොහොත දක්වා සටන අත් නොහළ කොදෙව් පන්දු යවන්නෝ, අවසන් ඕවරය දක්වාම තරගය ඇදගෙන ගිය අතර එහිදී රොස්ටන් චේස් ලකුණු 12 කට කඩුලු 3 ක් දවාගනිමින් දකුණු අප්‍රිකානු පිතිකරුවන් පීඩනයට පත් කළේය. ඔන්ඩ්‍රි රසල් ලකුණු 19 කට කඩුලු 2 ක්ද, අල්සාරි ජෝෂප් ලකුණු 25 කට කඩුලු 2 ක්ද බිඳහෙළීමට සමත් වුවද, ඔවුන්ට කොදෙව් කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් පිලට ත්‍රබේස් ශම්ෂි ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 135 ක් පමණි. එහිදී ලකුණු 27 කට කඩුලු 3 ක් බිඳහෙළීමට ශම්ෂි සමත් වූ අතර කගිසෝ රබාඩා, මාකෝ ජැන්සන්, කේෂව් මහරාජ් සහ ඒන්ඩ් මාක්‍රම් එක් කඩුල්ල බැගින් දවාගනිමින් ‍කොදෙව්‍ ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ශම්ෂිට අනගි සහායක් දුන්හ.

කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රොස්ටන් චේස් පන්දු 42 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 52 ක් රැස්කළ අතර ආරම්භක පිතිකරු කයිල් මේයර්ස් පන්දු 34 කින් ලකුණු 35 ක් රැස්‍කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

 

බ.ඉ. කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 135
(කයිල් මේයර්ස් 35, රොස්ටන් චේස් 52, ඔන්ඩ්‍රි රසල් 15, ත්‍රබේස් ශම්ෂි 27/3)

දකුණු අප්‍රිකාව - ඕවර 16.1‍ කදී කඩුලු 7 ක් නොදැවී 124  
(ඒඩ්න් මාක්‍රම් 18, ට්‍රිස්ටන් ස්ටබ්ස් 29, හෙන්රිච් ක්ලාසන් 22, මාකෝ ජැන්සන් නොදැවී 21, රොස්ටන් චේස් 12/3, රොස්ටන් චේස් 15/3, ඔන්ඩ්‍රි රසල් 19/2, අල්සාරි ජෝෂප් 25/2)


අදහස් (0)

දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.