Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දකුණු අප්‍රිකාවෙන් පෙර නොවූ විරූ තීරණයක්

දකුණු අප්‍රිකාවෙන් පෙර නොවූ විරූ තීරණයක්

editorial - 2021 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයට එරෙහිව එක්දින සහ විස්සයි-20 තරගාවලිය පැවැත්වෙන අතරමැද දීම ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ට එම තරගාවලියෙන් මිදී ඉන්දියාවට පියාසර කිරීම සඳහා අවසර දීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මෙය එතෙක් මෙතෙක් අන්තර්ජාතික කණ්ඩායමක් නොගත්, නොසිතූ විරූ තීරණයකි.

දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන සීමිත ඕවර තරගාවලිය එක්දින තරග 3 කින් සහ විස්සයි-20 තරග 4 කින් සමන්විතය. එහෙත් අප්‍රේල් 4 වැනිදා පැවැත්වෙන 2 වැනි එක්දින තරගය අවසන් වීමෙන් පසුව අයිපීඑල් තරගාවලියට සහභාගි වන දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඉන්දියාව බලා පිටත්ව යාමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය අවසර දෙන බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා වලින් කියැවේ.

මේ වසරේ අයි.පී.එල්. තරගාවලිය අප්‍රේල් 9 වැනිදා ආරම්භ වන්නේ වත්මන් ශූරයන් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර තරගයෙනි.

අයි.පී.එල්. තරගාවලිය වෙනුවෙන් ගිවිසුම්ගතව සිටින දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් අතර කගිසෝ රබාඩා (දිල්ලි කැපිටල්ස්), ඇන්රිච් නෝයේ (දිල්ලි කැපිටල්ස්), ක්වින්ටින් ඩි කොක් (මුම්බායි ඉන්දියන්ස්), ඩේවිඩ් මිලර් (රාජස්ථාන් රෝයල්ස්) සහ ලුන්ගි න්ගිඩි (චෙන්නායි සුපර් කිංග්ස්) සිටිති.

ක්‍රිකට් ඉතිහාසයේ නොවූ විරූ මෙම තීරණය පාකිස්තානයේ හිටපු ක්‍රීඩකයන්ගේ විවේචනයට ලක්වී තිබේ. පාකිස්තානයේ හිටපු නායකයකු මෙන්ම කඩුලු රකින්නකුද වූ රෂීඩ් ලතීෆ්ගේ මතය වන්නේ දුර්වල වූ දකුණු අප්‍රිකානු කණ්ඩායමක් සමග පාකිස්තානය ක්‍රීඩා නොකළ යුතු බවයි. තරගාවලිය සැලසුම් කිරීමේදීම තම තමන්ගේ පූර්ණ ශක්තියෙන් යුත් කණ්ඩායම් ක්‍රීඩා කරවීමට ක්‍රිකට් පාලක මණ්ඩල දෙකම එකඟ විය යුතු බවද ඔහු කියයි.

“පාකිස්තානය තමන්ගේ ප්‍රධාන ක්‍රීඩකයන් පස්දෙනා අතහැර දමා තිබුණා නම් දකුණු අප්‍රිකාව මේ තරගාවලිය පවත්වන්න කැමති වෙයි ද? එසේනම් පාකිස්තානය ඔවුන් සමඟ සෙල්ලම් කරන්නේ ඇයි ?...” යනුවෙන් ප්‍රශ්න කරන පාකිස්තානු පිලේ හිටපු නායකයා....

“පාකිස්තානය දුර්වල කණ්ඩායමකට එරෙහිව ක්‍රීඩා නොකළ යුතුයි. දුර්වල  කණ්ඩායම් පිට්ටනියට යවලා ඔබ රූපවාහිනී විකාශන සමාගම් රවටනවා” යයිද පැවසීය.


- 213


අදහස් (0)

දකුණු අප්‍රිකාවෙන් පෙර නොවූ විරූ තීරණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.