Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දසුන් ගුජරාට් ටයිටන්ස් පිලට එක් වෙයි
අයි.පී.එල් - 2025

දසුන් ගුජරාට් ටයිටන්ස් පිලට එක් වෙයි

editorial - 2025 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආබාධයකට ලක්ව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වූ නවසීලන්ත ක්‍රීඩක ග්ලේන් පිලිප්ස් වෙනුවට ශ්‍රී ලංකා ක්‍රීඩක දසුන් ශානක සිය කණ්ඩායමට එක් කරගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ කලමණාකාරීත්වය පියවර ගෙන තිබේ. 

මින් පෙර 2023 වසරේදීද දසුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ක්‍රීඩා කර ඇති අතර මෙවර ඔහුගේ සේවය ලබාගැනීම වෙනුවෙන් ටයිටන්ස් කණ්ඩායමට වැය කර ඇති මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 75 කි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් දෙකොටි හැට දෙලක්ෂ පනස් දහසක් පමණ වේ. 

මීට දින 10 කට පමණ පෙර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව හයිද්‍රාබාද් නුවරදී පැවැති තරගයේදී පන්දු රකිමින් සිටියදී පිලිප්ස් ඉඟටියේ ආබාධයකට ලක්විය. එම ආබාධ තත්වය හේතුවෙන් ඔහු තරගාවලියේ සෙසු තරග සඳහා සහභාගි වීමෙන් වැලකී යලි නවසීලන්තය බලා ගියේය. 

2023 වසරේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග 3 කට ක්‍රීඩා කළ දසුන් ලකුණු 26 ක් රැස්කළ අතර එහිදී ඔහුට පන්දු යැවීමට අවස්ථාවක් හිමි නොවීය. මේ දක්වා මෙවර තරගාවලියේදී තරග 6 කට ක්‍රීඩා කර ඇති ටයිටන්ස් කණ්ඩායම ඉන් තරග 4 ක් ජයගෙන ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවේ. 

තරගාවලියේ ඔවුන් සහභාගි වන මීළඟ තරගය හෙට (19 වැනිදා) පස්වරු 3.30 ට ලකුණු සටහනේ පෙරමුණේ පසුවන දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය. 


-036 


අදහස් (0)

දසුන් ගුජරාට් ටයිටන්ස් පිලට එක් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.