Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකයා වශයෙන් අක්ෂර් පතෙල් නම්කර තිබේ. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පැවති ක්‍රීඩක වෙන්දේසියට පෙර දිල්ලි පිලේ හිටපු නායක රිෂාබ් පාන්ට් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එක්වීම නිසා අක්ෂර් පතෙල් දිල්ලි පිලේ නායකයා වී තිබේ.
විස්සයි-20 තරග වල නායකත්වය දැරීම අක්ෂර් පතෙල්ට අලුත් දෙයක් නොවේ. පසුගිය වසරේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව පැවති තරගයකදී අක්ෂර් පතෙල් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මෙහෙයවමින් කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය. අක්ෂර් පතෙල්, විස්සයි20 නායකයකු ලෙසින් ලකුණු 364 ක් ලබාගෙන ඇති අතර කඩුලු 13 ක් ද දවාගෙන තිබේ.
“දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට නායකත්වය දීමට ලැබීම මම ලබාගත් විශාල ගෞරවයක්. මා කෙරෙහි විශ්වාසය තැබීම ගැන අපගේ හිමිකරුවන්ට සහ සහායක කාර්ය මණ්ඩලයට මම බෙහෙවින් කෘතඥ වෙනවා. මම කැපිටල්ස් හි සිටි කාලය තුළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ මිනිසෙකු ලෙස වර්ධනය වී ඇති අතර, මෙම කණ්ඩායම ඉදිරියට ගෙන යාමට මා සූදානම්. ඒ ගැන මට විශ්වාසයක් දැනෙනවා,” යයි දිල්ලි කණ්ඩායමේ නායකත්වය හිමිවූ අක්ෂර් පතෙල් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.