Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි එළඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී උපදේශකවරයකු ලෙස කණ්ඩායම සමග එක්වීමට නියමිතය. ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ඉන්දීය සංචිතය නිවේනදනය කරන අවස්ථාවේදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා මහතා ඒ බව පැවසීය.
“ඩුබායිවලදී මම මේ සම්බන්ධයෙන් දෝනි සමග සාකච්ඡා කළා. එහිදී ඔහු උපදේශකවරයකු ලෙස කණ්ඩායමට සහාය දැක්වීමට එකඟ වුණා. පාලක මණ්ඩලයේ විධායක කමිටුව මෙන්ම කණ්ඩායමේ නායකයා සහ පුහුණුකරුවාත් එයට කැමැත්ත දැක්වූවා.” යැයි ෂා මහතා කියා සිටියේය.
දෝනිගේ මෙම පත්වීම විස්සයි20 ලෝක කුසාලන තරගාවලිය සඳහා පමණක් වන බවත්, ඉන් පසුව ඔහු සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ගන්නා තීරණ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරන බවත් එහිදී ෂා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
ඉන්දියාවට එක්දින ලෝක කුසලානයක්, විස්සයි20 ලෝක කුසලානයක්, ශූරයන‍්ගේ කුසලානයක් මෙන්ම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ ස්ථායත් දිනාගැනීම සඳහා නායකත්වය දුන් දෝනි, මේ වන විට ජාත්‍යන්තර තරග බිමෙන් සමුගෙන සිටියි. මේ වන විට 40 වැනි වියේ පසුවන ඔහු, තවදරටත් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙහෙයවන අතර ඔහුගේ නායකත්වය යටතේ 2010, 2011 සහ 2018 යන වසරවලදී එහි ශූරතාව දිනාගැනීමටද චෙන්නායි කණ්ඩායම සමත් විය.
විස්සයි20 ජාත්‍යන්තර තරග 98 කට ක්‍රීඩා කර ඇති දෝනි, අර්ධ ශතක 2 ක් සමග ලකුණු 1617 ක් රැස්කරගෙන ඇත. අයි.පී.එල්. තරග 211 කදී අර්ධ ශතක 23 ක් සමගින් ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 4669 කි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.