Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර නෙල්සන්හි සැක්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 98 ක පහසු ජයක් වාර්තා කළ නවසීලන්ත ක්‍රීඩිකාවෝ, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 කින් ජය ලැබූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 281 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ජෙස් කේර් සහ ෆ්‍රැන් ජොනාස් ප්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 50 අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 182 ක් පමණි.
ශ්‍රී ලංකා කාන්තා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණියන් වූ කවීෂ දිල්හාරි පන්දු 54 කදී හයේ පහරක් සමග ලකුණු 45 ක්ද, නිලක්ෂි ද සිල්වා පන්දු 73 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 45 ක්ද රැස්කළහ. ඔවුන් දෙදෙනා එක්ව ශ්‍රී ලංකා ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 57 කදී ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 46 කි.
අගනා පන්දු යැවීමක නිරත වූ ජෙස් කේර් නිසිය ඕවර 10 ලකුණු 22 කට සීමා කරමින් කඩුලු 3 ක් බිඳහෙළුෑ අතර ශ්‍රී ලංකා කාන්තා ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඇයට අනගි සහායක් දුන් ෆ්‍රෑන් ජොනාස් ලකුණු 40 කට කඩුලු 3 ක් දවාගත්තාය. ඒඩ්න් කාසන් නිලකුණු ඕවර 2 ක්ද සමග ඕවර 10 ක් යවමින් ලකුණු 29 කට කඩුලු 2 ක් බිඳහෙළුවාය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 280 ක් රැස්කළ අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ ආරම්භක පිතිකාරිණී ජෝජියා ප්ලිමර් හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග පන්දු 120 කින් ලකුණු 112 ක් රැස්කිරීමට සමත් වූවාය.
නායිකා සුසී බේට්ස් (53) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 131 කදී ලකුණු 108 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ප්ලිමර්, ඉන් නොනැවතී බෘක් හැලිඩේ (36) සමග එක්ව තෙවැනි වැනි කඩුල්ල සඳහා ලකුණු 60 ක්ද, මැඩී ග්‍රීන් (32) සමග එක්ව සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 51 ක්ද එක්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවාය.
නවසීලන්ත කාන්තා පිල - ඕවර 50 කදී කඩුලු 6 කට 280
(සුසී බෙට්ස් 53, ජෝජියා ප්ලිමර් 112, බෘක් හැලිඩේ 36, මැඩී ග්‍රීන් 32, ඉසබෙලා ගාස් නොදැවී 24, සුගන්දිකා කුමාරි 70/3)
ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 50 කදී සියලු දෙනා දැවී 182
(කවීෂා දිල්හරි 45, නිලක්ෂි ද සිල්වා 45, අනුෂ්කා සංජීවනී 23, ජෙස් කේර් 22/3, ෆ්‍රැන් ජොනාස් 40/3, ඒඩ්න් කාසන් 29/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.