Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 18 කට පසු නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමක් සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසවලදී සිමිත ඕවර තරගාවලියක් සඳහා පාකිස්තානයේ සංචාරය කිරීමට නියමිතය. එක්දින තරග 3 ක් සහ විස්සයි20 තරග 5 ක් එම තරගාවලියට අයත්වේ.
සැප්තැම්බර් 17 වනදා රාවල්පිණ්ඩිහිදී පළමු එක්දින තරගය ආරම්භ වීමට නියමිත අතර දෙවැනි එක්දින තරගය සැප්තැම්බර් 19 වැනිදාත්, තෙවැනි එක්දින තරගය සැප්තැම්බර් 21 වැනිදාත් පැවැත්වේ.
එක්දින තරගාවලියෙන් පසුව කණ්ඩායම් දෙකම සැප්තැම්බර් 25 වැනිදා ආරම්භවන විස්සයි20 තරගාවලිය සඳහා ලාහෝර් බලා යාමට නියමිතය. සැප්තැම්බර් 26 සහ 29, ඔක්තෝබර් 1 සහ 3 යන දිනයන්හිදී ඉතිරි විස්සයි20 තරග 4 පැවැත්වේ.
“2019 එක්දින ලෝක කුසලාන අවසන් තරගයට ක්‍රීඩා කිරීමෙන් පසුව, ලෝක ටෙස්ට් ශූරයින් මෙන්ම විස්සයි20 ග්‍රේණිගත කිරීම්හි තුන්වන ස්ථානයේ පසුවන නවසීලන්තය වැනි ඉහළ පෙළේ කණ්ඩායමක් සිය රටට පැමිණිම රසිකයන්ගෙන් දැඩි ආකර්ෂණයක් සහ උනන්දුවක් ඇති කරන අතර, පකිස්ථානය ආරක්ෂිත හා සුරක්ෂිත දේශයක් ලෙස ශක්තිමත් කරනු ඇත” යැයි පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධාන විධායක වසීම් ඛාන් මහතා පැවසීය.
“නවසීලන්ත ක්‍රිකට් ආයතනය අතිරේක විස්සයි විස්ස තරඟ දෙකක් ක්‍රීඩා කිරීමට ඉදිරිපත් වීම ගැන මම සතුටු වෙනවා. මෙමගින් අයි.සී.සී විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීමේ අවස්ථාවක් කණ්ඩායම් දෙකටම ලබා දෙනවා පමණක් නොව නවසීලන්ත ක්‍රීඩකයින්ට අමතර දින ගණනක් පාකිස්තානයේ ගත කිරීමට ද ඉඩ සැලසෙනවා.” යැයි ඛාන් මහතා වැඩිදුරටත් පැවසීය.
“ පාකිස්තානයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග වාරය ආරම්භ කිරීම සඳහා එහි යාමට අපි බලාපොරොත්තුවෙන් සිටිනවා. අපි සෑම විටම පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලය සමඟ සමීප සබඳතාවක් පැවැත්වුවා ” යැයි නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඩේවිඩ් වයිට් මහතා ප්‍රකාශ කළේය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.