Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තය සහ පාකිස්තානය අතර මවුන්ට් මවුන්ගනුයිහි බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති සිවුවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 115 ක පහසු ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද (23 වැනිදා) සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 3-1 ක් ලෙස ජය ගැනීමට නවසීලන්තය සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 221 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමට ඕවර 16.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 105 ක් පමණි. පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අබ්දුල් සමාඩ් පන්දු 30 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 44 ක් රැස්කළ නමුත් ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ජෙකොබ් ඩෆී සිය ඕවර 4 ලකුණු 20 කට සීමා කරමින් කඩුලු 4 ක් දවාගත්තේ පාකිස්තාන ඉනිම සුනුවිසුණු කර දමමිනි. ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් සැකරි ෆෝල්ක්ස් ලකුණු 25 කට කඩුලු 3 ක් දවාගත් අතර ජේම්ස් නීෂම්, ඉෂ් සෝධි සහ විලියම් ඕ‘රුකී කඩුල්ල බැගින් බිඳහෙළුෑහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 20 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 220 ක් ලබාගත් අතර ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ෆින් ඇලන් පන්දු 20 කින් ලකුණු 50 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි. ටිම් සෙයිෆර්ට් (44) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 25 කදී ලකුණු 59 ක සම්බන්ධතාවක් ගොඩගැනීමටද ඇලන් සමත් විය.
පන්දු 22 කදී වාර්තා වූ ඇලන්ගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර අවසන් ඕවර කිහිපයේදී පන්දු 26 කට මුහුණදුන් නායක මයිකල් බ්‍රාස්වෙල් පන්දු 26 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 46 ක් රැස්කළේය. එහිදී හාරිස් රවුෆ් ලකුණු 27 කට කඩුලු 3 ක් බිඳහෙළුවේය.
නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 220
(ටිම් සෙයිෆට් 44, ෆින් ඇලන් 50, මාක් චැප්මන් 24, ඩර්ලි මිචෙල් 29, මයිකල් බ්‍රාස්වෙල් නොදැවී 46, හාරිස් රවුෆ් 27/3, අබ්‍රාර් අහමඩ් 41/2)
පාකිස්තානය - ඕවර 16.2 කදී සියලු දෙනා දැවී 105
(ඉර්ෆාන් ඛාන් 24, අබ්දුල් සමාඩ් 44, ජෙකොබ් ඩෆී 20/4, සැකරි ෆෝල්ක්ස් 25/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.