Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International නවසීලන්තයට කඩුලු 7 ක ජයක්
දෙවැනි විස්සයි-20 තරගය

නවසීලන්තයට කඩුලු 7 ක ජයක්

editorial - 2025 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවරදී අද (16 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 අන්තර්ජාතික තරගයේදී සුසී බේට්ස් සහ බෲක් හැලිඩේ දෙදෙනාගේ තුන් ඉරියව් දස්කම් නිසා ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 7 ක ජයග්‍රහණයක් ලබා ගත් නවසීලන්ත ක්‍රීඩිකාවෝ තරගාවලිය 1-1 ක් ලෙස සම කිරීමට සමත් වූහ. පසුගිය 14 වැනිදා පැවැති පළමු තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 7 කින් තරගය ජයගත් අතර  තරග 3 කින් සමන්විත තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබේ. 

කාසියේ වාසිය දිනා පන්දු යැවීමට තීරණය කළ නවසීලන්ත නායිකා සුසී බේට්ස් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 113 කට නතර කරගත්තාය. බී්‍ර ඊලිං (18/2) සහ ජෙසී කර් (29/2) කඩුලු 4 ක් බෙදාගත් අතර නායිකා සුසී බේට්ස් ඇයගේ ඕවර 4 ලකුණු 16 කට සීමා කරගත්තාය. 

මනුදි නානායක්කාර සහ නිලක්ෂිකා සිල්වා අතර පැවැති ලකුණු 54 ක සම්බන්ධතාව නිසා ශ්‍රී ලංකා කණ්ඩායම සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා යන බවක් පෙනෙන්නට තිබිණ. එහෙත් නායිකා සුසී බේට්ස් තමාගේ ඕවර හතර ලකුණු 16 කට සීමා කරගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිමේ අග කොටසේ ගමන මන්දගාමී විය. 

ලකුණු 114 ක පහසු ඉලක්කයක් කරා ගිය නවසීලන්තය වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වූ සුසී බේට්ස් (47) සහ බෲක් හැලිඩේ (නොදැවී 46) පන්දු 9 ක් ඉතිරිව තිබියදී තම කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ. 


ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 20 කදී කඩුලු 7 ට 113 යි
(චමරි අතපත්තු 23, හර්ෂිතා සමරවික්‍රම 11, කවීෂා දිල්හාරි 12, මනුදි නානායක්කාර 35, නිලක්ෂිකා ද සිල්වා 20, බි්‍ර ඊලිං 18/2, ජෙසී කර් 29/2)

නවසීලන්ත කාන්තාවෝ - ඕවර 18.3 කදී කඩුලු 3 ට 117 යි
(සුසී බේට්ස් 47, එමා මැක්ලියොඩ් 11, බෲක් හැලිඩේ නොදැවී 46)

- 213


අදහස් (0)

නවසීලන්තයට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.